Thursday 22nd of August 2019

English Tamil


ඉන්දියාවේ හෝටලයක ගින්නක්..!


2019-06-25 1160


(සමීර වීරක්කොඩි)



ඉන්දියාවේ නවදිල්ලි නුවර “කැරල් බාග්” දිස්ත‍්‍රික්කයේ “අර්පිට් පැලස්” හෝටලයේ අද අලූයම ඇති වූ ගින්නකින් පුද්ගලයන් 09 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.



සංචාරකයන් අතර ප‍්‍රකට මෙම හෝටලයේ ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 26ක් යොදා ගත් බවයි ඉන්දීය බලධාරීන් ප‍්‍රකාශ කළේ.



පස් මහල් හෝටල් ගොඩනැගිල්ලේ ඉහළ මහළේ අද අලූයම 04ට පමණ ගින්න ආරම්භ වී ඇති අතර ඒ අවස්ථාවේ බොහෝ දෙනා නින්දේ පසු වූ බව සඳහන්.



ඇතැමුන් ගින්නෙන් බේරීම සඳහා ඉන් ඉවතට පැන ඇති බව වාර්තා වුණා.



උදෑසන 07ට පමණ ගින්න නිවා අවසන් කර ඇති අතරල පුද්ගලයන් 35 දෙනෙකු බේරාගෙන ඉන් තුවාල ලැබූවන් රෝහල් ගත කර තිබෙනවා.