Thursday 22nd of August 2019

English Tamil


නීලකාස කම්බ හොරුන් ආරක්ෂා කළ මුදල් ඇමති නකුට හකුලා ගන්නී..!


2019-02-05 1140

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය-වෘත්තීය සමිති සටන දිනයි..!

මුදල් ඇමතිගේ අත්තනෝමතික වැඩ නිසා රටට සිදු වූ පාඩුව කෝටි 1000 ඉක්මවයි..!

(සුමුදු පෙරේරා)

ශ්‍රී ලංකා රේගු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසියේම ස්ථාන මරු කර, එම ධූරය සඳහා තමාට අවනත වැඩ බලන අධ්‍යක්ෂක ජනරාල්වරයෙකු පත් කරමින් ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාව හකුලා ගැනීමට  මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාට කැබිනට් මණ්ඩලයේදී අද (05) සිදු විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ජනාධිපති කාර්යාලයේදී රැස් වූ  අවස්ථාව්දී,එම කැබිනට් පත්‍රිකාව ඉවත් කර ගන්නා  අතර රේගු අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් ධූරයට පී.එස්.එම් චාර්ල්ස් මහත්මිය යළි පත් කරන බවට ද මංගල සමරවීර මහතා සහතික විය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට මේ තීරණය ගැනීමට සිදු වූයේ,  ශ්‍රී ලංකා රේගු අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල්  පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය ස්ථාන මාරු කරනු ලැබ ඇත්තේ බදු අදායම් අඩුවීමේ ප්‍රශ්නයක් මත නොව ගම්මිරිස්, කරුන්කා,බිඩි ඔතන කොළ සහ වාහන එකලස් කිරීම ඇතුළු මහා පරිමාණ ජාවාරම් ගණනාවකට  අදාළව ඇය ආරම්භ කළ පරීක්ෂණ හේතුවෙන් විශාල අර්බුදයකට මුහුණ දී සිටී එම ජාවාරම්වල යෙදී සිටින නීලකාස කම්බ හොරුන් ආරක්ෂා කර ගැනීම වෙනුවේන් බවට සාක්කි සහ සාධක සහිතව කරුණු හෙළිදරව්වීම හමුවේය.

මේ සිද්ධියට අදාළ තිරය පිටු පස ඇත්ත කතාව, මේ නීලකාස මහා මාෆියාව කෙරෙහි බිය සහ සැක නොමැතිව සියලු සාක්කි  සාධක ඇතිව “රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය බිලි දී මුදල් ඇමති නීලකාස කම්බ හොරුන් ආරක්ෂා කළ හැටි හෙළි වෙයි” යන ශීර්ෂය යටතේ සඳුදා (04) රටට ජනතවට මුලින්ම කරුණු හෙළිදරව් කළේ “lankanewsweek” කණ්ඩායම බව අපි සිහිපත් කර සිටිමු.

මේ ජාවාරම්වල යෙදී සිටින මෆියාකරුවන්ගේ ඉල්ලීමට මංගල සමරවීර මහතා රේගු අධ්‍යක්ෂක ජනරාල්වරිය හදිසියේම ස්ථාන මරු කළේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ද විරෝධය නොතකාය.

මුදල් ඇමති මංගල සමරවීර මහතාගේ මේ අත්තනෝමතික ක්‍රියාදාමයට එරෙහිව රේගු අධිකාරියේ සේවක සේවිකාවන් බදාදා (30) සිට ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය හේතුවෙන් ජාතික ආර්ථිකයට දැනට සිදුව ඇති ගණනය කළ හැකි දළ පාඩුව රුපියල් කෝටි 1000 ඉක්ම වන බව රේගු වෘත්තීය සමිති පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා රේගුව දින ගණනාවක් මෙසේ අක්‍රීයව පැවතීමේ අනිටු ප්‍රතිඵල අනාගතයේ  ද ආර්ථිකයට බලපෑම් කරනු ඇති බව පෙන්වා දුන් රේගු වෘත්තීය සමිති මේ සියල්ල සමනය සහ යථා තත්ත්වයට පත්වීමටත් සැලකිය යුතු කාලයක් ගත වනු ඇතැයි ද සඳහන් කළේය.