(සුජිත් මංගල ද සිල්වා)
පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන ලකුණු..? යන ශීර්ෂය යටතේ සියලු මාධ්‍ය ආයතනවලට ප්‍රථම "Lankanewsweek" අද (9) වාර්තා කළ පුවත සනාථ කරමින් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රයට නිල වශයෙන් අත්සන් කොට තිබේ.
එම නිල ගැසට් පත්‍රය විශේෂ ආරක්ෂාවක් යටතේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මේ වන විට මුද්‍රණය වෙමින් පවතින අතර එම අති විශේෂ ගැසට් පත්‍රය මධ්‍යම රාත්‍රිය වන විට නිල වශයෙන් නිකුත් කෙරේ.
පාර්ලිමේන්තුව එසේ විසුරුවා හැරීමට සිදුව ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති තත්ත්වය හමුවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය සම්මුතුවාදී ජාතික රජයෙන් ඉවත් වුණාට පසුව නව ආණ්ඩුවක් පිහිටුවා එම ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට පාර්ලිමේන්තුවේ කිසිදු දේශපාලන පක්ෂයකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක තනි බහුතරයක් නොමැති වී තිබිණ.
මේ තත්ත්වය හමුවේ එක්සත් ජාතික පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන දේශපාලන පක්ෂ ඒ ඒ පක්ෂවලින් ද පාර්ලිමේන්තුවේ අනෙකුත් දේශපාලන පක්ෂවලින් ද මන්ත්‍රීවරුන් බිලී බා ගෙන සිය 113 බහුතරය කෙසේ හෝ සකස් කර ගැනීමේ යුද්ධයක් අරඹා තිබිණ.