Thursday 22nd of August 2019

English Tamil


දුමින්ද දිසානායකලා අගමැතිට කොකා පෙන්වලා..!


2019-02-07 1167

චන්ද්‍රිකා කුමාරතුංගගේ කයිවාරු රෙද්ද පල්ලෙන් බේරෙයි..!

ජනපති නළවන්නත් ඕනෑලු-ඇමතිකම් නැතිවත් බැහැලු..!

ජාතික ආණ්ඩුවේ බාලගිරි දෝෂයට හේතුව මෙන්න..!      

(සුජිත් මංගල ද සිල්වා)

ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම දින නියමයකින් තොරව කල් දැමීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර ඇත.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී බදාදා (06) රැස්වූ අවස්ථාවේදී මේ තීරණය ගෙන තිබේ.

එක්සත් ජාතික පෙරමුණට මේ තීරණය ගැනීමට සිදුව තිබෙන්නේ ජාතික ආණ්ඩු යෝජනාවට පාර්ලිමේන්තුවේදී පක්ෂව ඡන්දය ලබා දෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය අත හැර  ආණ්ඩුවට එකතු වන බවට පොරොන්දු වී සිටී,චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාර්ශවය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා ඇතුළු පිරිස අවස්ථාවාදී,සහාසික සහ කුමන්ත්‍රණකාරී ලෙස එම පොරොන්දුව කඩ කිරීම නිසාය.

චන්ද්‍රිකා කුමාරතුංග පාර්ශවය නියෝජනය කරන දුමින්ද දිසානායකලා එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ට දැනුම් දී තිබෙන්නේ ඒ අය ජාතික ආණ්ඩුවට එකතු වන නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය අනුව පාර්ලිමේන්තුවේදී ජාතික ආණ්ඩු යෝජනාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට සිදු වන බවය.

මේ සම්බන්ධයෙන් “lankanewsweek” සමග අදහස් දැක්වූ එක්සත් ජාතික පෙරමුණේ පසු පෙළ මන්ත්‍රීවරුන් පිරිසක් මෙසේ පැවසූහ.

“ජාතික ආණ්ඩුවට අප මුල සිටම විරුද්ධ වුණේ එක්සත් ජාතික පෙරමුණට මේ ඉරණම අත් වන බව දන්නා නිසයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින චන්ද්‍රිකා කුමාරතුංග පාර්ශවය නියෝජනය කරන මේ දුමින්ද දිසානායකලා ඇතුළු කණ්ඩායම කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි අවස්ථාවාදීන් පිරිසක් බව කිව යුතුයි.

ජාතික ආණ්ඩු යෝජනාවට විරුද්ධව ඡන්දය දෙන අය පසුව ජාතික ආණ්ඩුවට එකතු කර ගෙන ඒ අයටම ඒ ආණ්ඩුවේ ඇමතිකම් දෙන්න අපට පිස්සු නැහැ.ඒ වගේ යෝජනාවක් බියක්,සැකයක් සහ ලැජ්ජාවක් නැතිව ඉදිරිපත් කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ අවස්ථාවාදී  කණ්ඩායමට නම් පිස්සු ඇති.

චන්ද්‍රිකා කුමාරතුංගත් ඇයගේ දේශපාලන වශයෙන් බංකොලොත් දුමින්ද දිසානායක ඇතුළු පිරිසත් එක්සත් ජාතික පක්ෂයට එකතු වන්න උත්සහ කරන්නේ අපට තිබෙන ආදරයකට නොවෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ ඒ අයට දේශපාලන අනාගතයක් නොමැති නිසාත් එම පක්ෂයෙන් ඡන්දය ඉල්ලා මේ අයට පාර්ලිමේන්තුවට යළි ඒමට නොහැකි නිසා වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඒ අයව නොගන්නා නිසයි.

ඒ අනුව මේ ජාතික ආණ්ඩුවට විරෝධය පළ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අප විමසා සිටියේ දේශපාලන වශයෙන් අනාථ වූ අනාගතයක් වගේම යන එන මං නොමැති මේ අවස්ථාවාදීන් එක්සත් ජාතික පෙරමුණට ගෙන අපේ මන්ත්‍රීවරුන්ගේ සහ පක්ෂයේ අනාගතය නොතකා ඒ අයට අනාගතයක් හදන්නේ මන්ද කියායි.”