Friday 21st of February 2020

English Tamil
Advertiesment


ලෝහක ඡායා වෙඩි තැබිමෙන් රාජකීය විදුහලේ රසිදු රන්දීර රිදී පදක්කම් 2 ක් දිනා ගනී


2019-07-03 1408

(ජයකාන්ත ලියනගේ)

2017 ලෝහක ඡායා වෙඩි තැබිමේ ජාතික ක‍්‍රිඩා තරඟාවලිය පසුගිය නොවැම්බර් මස 12 වන දින ගම්පහ, කටාන ජාතික වෙඩිතැබිමේ ක‍්‍රිඩා පිටියේදි නිමාවට පත් විය.

මෙම වෙඩි තැබීමේ තරගාවලිය, ක‍්‍රිඩා අමාත්‍යංශයේ පූර්ණ අනුග‍්‍රහය ඇතිව, ශ‍්‍රි ලංකා ජාතික රයිෆල් ක‍්‍රිඩා සම්මේලනයේ මෙහෙයවීමෙන් මීගමුව රයිෆල් ක‍්‍රිඩා සංඟමය මඟින් සංවිධානය කර තිබුණි. තරගාවලිය කණිෂ්ඨ හා ජේෂ්ඨ යන දෙඅංශයෙන්ම පැවැත්වුණි.

මෙහි රයිෆල් සැහැල්ලූ සහ රයිෆල් ඡායා, කණිෂ්ඨ අංශයේ තරගාවලිය සදහා සහභාගි වූ කොළඹ රාජකීය විද්‍යාලයේ පළමු වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන රසිඳු රන්දිර (06) ක‍්‍රිඩකයා අංශ දෙකෙන්ම දෙවන ස්ථානය ලබා ගනිමින් රිදී පදක්කම් දෙකක් ලබා ගැනීමට සමත්ව විය. ඔහු මෙම තරගාවලියට සහභාගී වී ඇත්තේ ස්කෝපියන් වෙඩි තැබිමේ ක‍්‍රිඩා සමාජය නියෝජනය කරමිනි.

සිය වයස හා සසදන විට කනිෂ්ඨ අංශයෙන් සහභාගිවු අනෙකුත් සියළුම ක‍්‍රිඩකයන් අභිබවා යමින් රසිඳු රන්දිර (06) රයිෆල් සැහැල්ලූ (කනිෂ්ඨ) සහ රයිෆල් ඡයා (කනිෂ්ඨ) තරඟාවලියේදි ජාතික මට්ටමේ දක්‍ෂතා දැක්වීම තරගාවලියට පැමිණ සිටි සැමගේ ප‍්‍රසංශාවට ලක්විය. ඉතාමත් ලාබාල පාසල් ක‍්‍රීඩයෙකු ලෙසින් වෙඩි තැබිමේ ජාතික ක‍්‍රිඩා තරඟාවලයකදි රිදිපදක්කම් දෙකක් ලබාගැනීම සුවිශේෂී දක්ෂතාවයක් බව උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ පොලිස් විශේෂ කාර්ය බලකායේ සේනාවිධායක ජේෂ්ඨ නියෝඡ්ය පොලිස්පති එම්. ආර් ලතිෆ් මහතා ප‍්‍රකාශ කළේය.

 

Advertiesment