Monday 19th of April 2021

English Tamil
Advertiesment


කරුණා බැසිල්ට කොකා පෙන්වයි....


2019-06-20 5360

ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ ප‍්‍රවර්ධන කටයුතු සිදු කිරීමේදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනනයාග මුර්ති මුරලිදරන් හෙත් කරැණාඅම්මාන් මහතාද තමන් හා එක්වූ බවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කොට පැය 24ක් ගතවීමට මත්තෙන් තමාට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවීමට වේලාවක් සුදානම් කරදෙන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහාලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් මහලේකම් අමාත්‍ය මහින් අමරවීර මහගෙන් කරැණා අම්මාන් මහතා ඉල්ලීමක් කොට ඇති බව වාර්තාවේ. කරැණා අම්මාන් මහතා ද‍්‍රවිජ ජනතා විමුක්ති සංවිධානය නමින් නව ද‍්‍රවිඩ  දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළකරන බවට ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කොට තිබියදී යුද්ධය අවසන් වීමට පෙර කොළඹ කේන්ද‍්‍ර කර ගනිමින් සිදු වූ පුද්ගල ඝාතන රැසකට අදාලව කරැණා අම්මාන් මහතා චෝදනා එල්ල වීමටත් ඊට අදාලව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැදගත් තොරතුරු  අනාවරණය කර ගැනීමටත් ඒ අනුව ඉදිරියේදී කරැණා අම්මාන් මහතාගේ ලේකම්වරයෙකු අත්අඩංගුවට පත්වීමට නියමිත බවට තොරතුරැ අනාවරණය වීමත් නිසා එසේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවීම සදහා අවස්ථාවක් සූදානම් කරදෙන ලෙස කරැණා අම්මාන් මහනතා සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කිරීමට හේතු වී ඇති බවද වාර්තාවේ.

Advertiesment