(හේමන්ත තුෂිත)
මෙරට ව්‍යාපාරයක් ලියාපදිංචිය කාර්යක්ෂමව හා පහසුවෙන් සිදු කිරීම සඳහා තනි කවුළුවක් (Single Window) ස්ථාපිත කෙරේ. ඒ තුළින් අන්තර්ජාලය හරහා එක් දිනක් තුළදී නව ව්‍යාපාරය ලියාපදිංචි කර ගැනීමට ආයෝජකයන්ට - ව්‍යාපාරිකයන්ට හැකි වේ. පෙර තිබූ ක්‍රමවේදයට අනුව ඒ අනුව ඒ සඳහා අවම වශයෙන් දින හයක් ගත වේ. නව ක්‍රව වේදයට අනුව ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමට අදාළ රේඛීය අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන අන්තර්ජාලය හරහා එක් කරනු ලබයි. ව්‍යාපාරය ලියාපදිංචියට අමතරව ETF අංක හා TIN අංක ලබා ගැනීමේ හැකියාවද මෙමගින් ලැබේ. මෙහි මුල් පියවර සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීම සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේදී සිදු කෙරිණි. සමාගම් රෙජිස්ටාර් ජෙනරාල් ඩී.එන්.ආර්. සිරිවර්ධන හා කම්කරු කොමසාරිස් ජනරාල් පී.ඒ. විමලවීර යන මහත්වරුන් ඒ සඳහා අත්සන් තැබූහ. ඉදිරියේදී මේ සඳහා ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවද මේ සඳහා එක්වන බව සංවර්ධන උපායමාර්ග ජාත්‍යන්තර හා වෙළඳ අමාත්‍යංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මිය පැවසීය. ව්‍යාපාර ලියාපදිංචිය සඳහා වූ තනි කවුලුව සංකල්පය මෙරට ආයෝජන පහසු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක කිරීම සඳහා පත් කරන ලද කාර්ය බලකායේ නිර්දේශයන්ය.මෙම බලකායේ ප්‍රධාන අරමුණ වන්නේ ආයෝජකයන්ට ආයෝජන කටයුතු ආරම්භ කිරීම හා පවත්වාගෙන යාම සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමයි. ඒ තුලින් ශ්‍රී ලංකාව තුල ව්‍යාපාර පහසු කිරීමත් ව්‍යාපාර දර්ශකයේ ඉදිරියට පැමිණීමත් අපේක්ෂාවයි. සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශය ශ්‍රී ලංකාව තුල ආයෝජන දිරිගැන්වීම් පහසු කිරීම හා පවත්වාගෙන යාම සඳහා කාර්ය සාධක බලකා අටක් සමඟ සම්බන්ධීකරණය සිදු කරයි. නව තනි කවුලුව 2018 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද විජේවර්ධන මහත්මිය පැවසීය.
Lanka Newsweek © 2024