කොට්ට පැදුරු හකුළා ගෙන ගාල්ලටම පල්ලම් බැසීමට සිදු වන ලකුණු..!
දළදා වීදියේ අමු මස් පුච්චන් කෑම සභා නායක අණින් නවතියි..!
(උපුල් බණ්ඩාර)
කට ගැස්මට අමු මස් පුච්චන් කන මහනුවර දළදා වීදියේ “NIGHT BAZZAR” වහාම ක්‍රියාත්මක වන පරිදි
වසා දැමීමට තමා මහනුවර නගරාධිපතිවරයාට උපදෙස් දුන් බව සභානායක, රාජ්‍ය
ව්‍යවසාය, කන්ද
උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද
(8) පැවසීය.
දළදා වීදියේ මෙම “NIGHT BAZZAR” ගැන මල්වතු-අස්ගිරි මහ නා හිමිවරුන් පවා සිය අප්‍රසාදය
පළ කර තිබූ බව ද ඇමතිවරයා සඳහන් කළේය.
සභා නායක ලක්ෂ්මන්
කිරිඇල්ල මහතා මේ බව පැවසුවේ මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණු
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. වේළුකුමාර්
මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් තමාට ද පැමිණිලි ලැබී තිබූ බව බුද්ධ ශාසන සහ වයඹ
සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මෙහිදී කියා සිටියේය.
සිය ප්රශ්නය යොමු කරමින් මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. වේළුකුමාර් මහතා මෙසේ පැවසීය.
“මහනුවර නගරයේ පසුගියදා ඇති කරලා තියෙන රථ වාහන සැලසුමේ වෙනසක් නිසා මහනුවර නගරය සම්පුර්ණයෙන් කණපිට හැරිලා තියෙනවා.
මධ්‍යම පළාතේ ආණ්ඩුකාරතුමාගේ ඒකමතික තීරණයක් මත තමයි මේ සැලැස්ම ක්‍රියාත්මක කරලා තියෙන්නේ. මේ වෙනස්කිරීම නිසා දැඩි රථ වාහන තදබදයක් ඇති වී තිබෙනවා.
ඒ වගේම දළදා වහන්සේ වැඩ සිටින දළදා මාලිගාව ඉදිරිපිට පසුගිය කාලයේ “NIGHT RACE” පැද්දා වගේම රාත්‍රී වෙළද පොලක් පවත්වමින් මහනුවර නගරයේ තිබෙන සංස්කෘතික සහ ඓතිහාසික වටිනාකමට හානි සිදු කරලා තියෙනවා.”
මේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ පැවසීය.
“මහනුවර නගරයේ රථ වාහන කළමනාකරණයේ අයිතිය තියෙන්නේ නගර සභාවටයි.මධ්‍යම රජයටත්,පළාත් සභාවටත් නෙමෙයි.කෙසේ වෙතත් නගර සභාව පළාත් සභාව සමග සාකච්ජා කරලා දින 3 ක නව රථ වාහන සැලැස්මක් අත් හදා බලලා තියෙනවා.
නමුත් එම ක්‍රමය අසාර්ථකව වී ඇති බව නගරාධිපතිතුමා මට මිට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළා. එම නිසා මම එතුමාට උපදෙස් දුන්නා නගර සභාවට තිබෙන බලය අනුව මෙම ක්‍රමය වහාම නවත්වා පැරණි ක්‍රමය ක්‍රියාත්මක කරන ලෙස.
රාත්‍රී වෙළද පොල ගැන කියනව නම් ළගකදී ඉදලා වෙන පළාත්වලින් නුවරට ඇවිත් එම පළාත්වල කරපු දේවල් මේ පළාතේ කරන්න යනවා.දළදා වීදියේ රාත්‍රි කාලයේ මස් පුච්චනවා “BITE”එකට.
මහනුවර සංස්කෘතිය සහ ඓතිහාසික වටිනාකම ගැන නොදන්න පිරිසක් තමයි මේ වැඩ කරන්නේ. මෙම “NIGHT BAZZAR” පවත්වා ගෙන යනවාද නැද්ද කියල තීරණය කරන්න අයිතිය තියෙන්නේ නගර සභාවටයි.
මල්වතු-අස්ගිරි මහා නායක හිමිවරුන් මෙම “NIGHT BAZZAR”වලට පෞද්ගලිකවම විරුද්ධත්වය දක්වලා තියෙනවා.එම නිසා මම නගරාධිපතිට උපදෙස් දුන්නා නගර සභාවට ඇති බලතල අනුව මෙම “NIGHT BAZZAR” වහාම අත්හිටුවන්න කටයුතු කරන්න කියලා.”
Lanka Newsweek © 2024