මෙම කුණාටුවෙන් පිලිපීන ජාතිකයන් 64 දෙනෙකු මියගොස් ඇති අතර කුණාටුවෙන් පිලිපීනය, හොංකොං සහ චීනයේ දකුණුදිග ප්‍රදේශයට දැඩි බලපෑමක් ඇති වී තිබේ.
කුණාටුව හේතුවෙන් ගුවන් ගමන් 800ක් පමණ අවලංගු කර ඇති අතර ධිවර බෝට්ටු 50,000ක් පමණ යළි කැඳවා ඇත.
මේ වන විට චීනයේ ජනාකීර්ණම පළාත වන ගුවාන්ග්ඩොන්ග් ආශ්රිත නගර හතකින් පුද්ගලයින් මිලියන 2 දශම 7ක් ඉවත් කර ඇති බව විදේශ මාධ්‍ය සඳහන් කරයි.
සුළිකුණාටුව මේ වන විට පැයට කිලෝමීටර් 162 ක වේගයකින් හමායන බව එරට කාලගුණ වාර්තාවල සඳහන් ය.මැන්ඛුට් සුළිකුණාටුව, ලබන අඟහරුවාදා වන විට අවපීඩන තත්ත්වයක් දක්වා දුර්වල වනුඇති බවට් එරට කාලගුණ වාර්තාවල සඳහන් වේ.