දිනය ප්‍රකාශයට පත් කරමින් ජනපතිගෙන් හෙට අනිද්දාම විශේෂ ප්‍රකාශයක්..!
එල්ලා මරණ අපරාධකරුවන්ගේ නාම ලේඛනයත් සකස් කරලා..!
(උපුල් බණ්ඩාර)
මත්ද්‍රව්‍ය උවදුරෙන් රටත් ජනතාවත් බේරා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණීය දණ්ඩනය නියත ලෙසම ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන දිනය සහ එදින මරණීය දණ්ඩනයට ලක් කරන මත්ද්‍රව්‍ය අපරාධකරුවන් කවුරුන්ද යන්න පිළිබඳව ද ජනාධිපතිවරයා මේ වන විටත් තීරණය කර අවසන් බව ඔහුට සමීප ඔහුගේ ඉහළම ලේකම්වරයෙක් “lankanewsweek” සමග පැවසීය.
ඒ අනුව එම දිනය ළඟදීම ප්‍රකාශයට පත් කරන අතර මත්ද්‍රවය ජාවාරම්කරුවන්ට මෙසේ මරණීය දණ්ඩනය ලබාදීමෙන් පසුව ස්ත්‍රී දුෂකයින්ට සහ ළමා අපචාර සම්බන්ධ අපරාධකරුවන් ද මරණීය දණ්ඩනයට ලක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිලධාරීන් සමග පැවැත්වූ අතිශය විශේෂ සාකච්ඡාවකදී පැවසූ බව ද ජනාධිපතිවරයාගේ එම නිලධාරියා “lankanewsweek” සමග වැඩි දුරටත් සඳහන් කර සිටියේය.
Lanka Newsweek © 2024