මෛත්‍රී බැසිල්ට දෙහි කපයි..!
එස්.බී මෛත්‍රීට එරෙහිව මහින්දට ගතු කියයි..!
(සුජිත් මංගල ද සිල්වා)
ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය කර ගෙන යන සියලු දේශපාලන සාකච්ඡා,ගනුදෙනු සහ සම්බන්ධතා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටු වන්න යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාට උපදෙස් දී තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,දයාසිරි ජයසේකර මහතා වෙත මේ උපදෙස් දී තිබෙන්නේ සිකුරාදා (08) රාත්‍රියේ සිය අභ්‍යන්තර කවයේ (INNER CIRCLE) දේශපාලන සගයින් සමග පැවැත්වූ දීර්ඝ දේශපාලන සාකච්ඡාවකින් පසුවය.
මේ අතර මහනුවරදී එදිනම ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ “ඉවසුවා ඇති” තේමාව යටතේ සංවිධානය කර තිබූ ජන රැළියට සහභාගී වී කතාවක් ද කිරීමට එස් බී දිසානායක මහතා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අවසර ඉල්ලා තිබූ අතර ඊට අවසර ලබාදීම ද ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබිණ.
එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ස්ථාවරය වී තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර දේශපාලන සද්භාවයෙන් යුතු සන්ධානයක් ගොඩනැගෙන තුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසිවෙකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ශවයේ රැස්වීම් සඳහා එක් නොවිය යුතු බවය.
ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජන රැළියට සහභාගීවීමට තමාට අවසර ලබාදීම, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතික්ෂේප කළ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවේ පැමිණිලි කරමින් එස් බී දිසානායක මහතා ජනාධිපතිවරයාට එරෙහිව විපක්ෂනායකවරයා සමග ගතු ද කියා තිබිණ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දේශපාලන ස්ථාවරයට තල්ලුවීම කෙරෙහි බලපා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර දේශපාලන සද්භාවයෙන් යුතු සන්ධානයක් ගොඩනැගීමට ඉඩ නොතබා බැසිල් රාජපක්ෂ මහතා මුල සිටම එම දේශපාලන ව්‍යාපෘතියේ කකුලෙන් ඇද්දේ යැයි කියන සිද්ධිය ඇතුළු දේශපාලන කරුණු කාරණා රැසකි.
මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට දින කිහිපයකට පෙර බැසිල් රාජපක්ෂ මහතා දුරකතනයෙන් අමතා ඔහුට දෝෂාරෝපණය ද කර තිබිණ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගොඩනැගීමට නියමිතව තිබූ සන්ධානයේ සභාපති,මහ ලේකම් සහ ජාතික සංවිධායක ඇතුළු 51% ක බලය මහින්ද රාජපක්ෂ පාර්ශවය ඉල්ලා සිටීම ද මේ තත්ත්වයට බලපා තිබූ අතර මීට ආසන්නතම හේතුව වී තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2020 ජනාධිපතිවරණය සඳහා සිය අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කිරීම සහ මහින්ද රාජපක්ෂ මහතා ඒ බව ප්‍රසිද්ධියේම ප්‍රකාශයට පත් කිරීමය.
Lanka Newsweek © 2024