නොර්වුඩ් ප්රාදේශිය සභාවේ නියෝගයක් සහිත ලිපියක් වතු අධිකාරීවරයෙක් භාර නොගැනීම හේතුවෙන් එම වතු අධිකාරිවරයාගේ නිල නිවස නොර්වුඩ් ප්රාදේශිය සභාවේ සභාපති ප්රාදේශිය සභා මන්ත්රිවරුන් ඇතුළු වතු කම්කරුවන් අද (28) වටලනු ලැබීම හේතුවෙන් කළබලකාරී තත්ත්වයක් ඇති විය.
මෙලෙස වටලනු ලැබ ඇත්තේ කැළණි වැලි සමාගමට අයත් ටිලරි වතුයායේ වතු අධිකාරිවරයාගේ වතු නිවසයි.
මෙම මත භේදය ඇති වී තිබෙන්නේ ටිලරි වතු යායේ ඉහළ කදු මුදුණේ සිට පහළට ගලා බසිනා ජල මුලාශයක් හරස් කරමින් බිලින්කිබොනි වතුයායේ ඉදි කර ඇති තේ පෙති නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවකට මෙම වතු පාලන අධිකාරිය මගින් ජලය ලබා ගැනිමට කටයුතු කිරිමට එරෙහිවයි.
ජලය ලබා ගැනිම සම්බන්ධයෙන් වතු කම්කරුවන් දැඩි විරෝධය පළ කලත් එය නොතකා වතු පාලන අධිකාරිය මගින් තේ කර්මාන්ත ශාලාවට ජලය ලබාගැනිමට කටයුතු කර ඇත. පසුව නොර්වුඩ් ප්රාදේශිය සභාවට එහි වතු කම්කරුවන් විසින් පැමිණිල්ලක් කර ඇත. පසුව මෙම ගැටලුව විසදීමට නොර්වුඩ් ප්රාදේශිය සභාවේ සභාපති රවි කොලුන්දුවෙල් මහතා ඇතුළු ප්රාදේශිය සභා මන්ත්රිවරුන් මැදිහත් වී ඇත.
මේ පිළිබඳව විරෝධය පෑ කම්කරුවන් ප්රකාශ කර සිටියේ ටිලරි වතුයායේ සිට පහලට ගලා බසිනා ජල මුලාශ හරස් කර ගනිමින් වතු ගණනාවක වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා බවත්,තේ කර්මාන්ත ශාලාවට ජලය ලබාගත හොත් තමන්ට පානිය ජල ගැටළුවක් ඇති වන බවත්ය.
මෙම කම්කරුවන් , ප්රාදේශිය සභාවේ සභාපතිවරයා සහ ප්රාදේශය සභා මන්ත්රිවරුන් ඇතුළු අද (28) උදැසන හැටන් සාංචිමලේ ප්රධාන මාර්ගය සාංචිමලේ ප්රදේශයෙන් අවහිර කර වතු උද්ඝෝෂණය සිදු කිරිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අඩාල වීම හේතුවෙන් පොලිසිය සහ ප්රාදේශිය සභාවේ සභාපතිවරයා අතර නොසන්සුන්කාරි තත්ත්වයක්ද ඇති විය.
Lanka Newsweek © 2024