සිරි රණසිංහ ක්‍රිෂාන්ත කුරේ එක්ක නටපු “HILTON” නාඩගම..!
ටිරාන් අලස් කුමන්ත්‍රණයට එක් වූ හැටි..!
අගමැති රුවන් විජයවර්ධනට දෙහි කපයි..!
“ලංකාදීප” වර්ජනය කරනු..!
නයාත් නොමරා පොල්ලත් නොකඩන සජිත් ප්‍රේමදාස..!
(සුජිත් මංගල ද සිල්වා)
සිංහල-හිංදු අලුත් අවුරුදු උදාවත් සමග ආණ්ඩු පෙරැළියක් සිදු වන බවට රට කළඹවමින් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ද,වෙබ් අඩවි ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද,පුළුල් ලෙස ප්‍රචාරය කෙරුණු කුමන්ත්රණකාරී ප්‍රවෘත්තිය නිර්මාණය කර බෙදා හැර ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමා වන රංජිත් විජයවර්ධන මහතාට අයත් සීමාසහිත විජය පුවත්පත් සමාගම මගින් බවට මේ වන විට සියලු තොරතුරු හෙළිදරව් වී තිබේ.
මේ කුමන්ත්‍රණයට අදාළ තොරතුරු සියල්ල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත මේ වන විට වාර්තා වී ඇති අතර රට ගිණි තබා කැළඹ වූ මේ සිද්ධියට අදාළ තොරතුරු රැසක් බුද්ධි අංශ මගින් ද අනාවරණය කර ගෙන සිටියි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම විකුණමින් “ලංකාදීප” පුවත්පතේ නියෝජය ප්රවෘත්ති කර්තෘ අජන්ත කුමාර අගලකඩ මහතා එම පත්‍රයේ ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ හෙවත් සිරිසේන රණසිංහ මහතා සමග කියා තිබෙන්නේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය වගේම දුෂණ,වංචා සහ අක්‍රමිකතා ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධූරයට පත් කරමින් හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමේ සැලසුමක් තිබෙන බවය.
එම ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ද අගමැති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ද ඉදිරිපත් වන අතර,ඊට අදාළ අතිශය ආන්දෝලනාත්මක සහ අති විශේෂ ප්‍රවෘත්තිය පළ කරවා ගැනීම සඳහා “ලංකාදීප” පත්‍රයේ හදිසි මුද්‍රණයක් සඳුදා (15) සූදානම් කර තබා ගන්න යැයි ජනාධිපතිවරයාගේ පාර්ශවය තමාට දැනුම් දුන් බව ද අජන්ත කුමාර අගලකඩ මහතා එහිදී සිරි රණසිංහ මහතා සමග පවසා ඇත.
මේ අනුව වහාම ක්‍රියාත්මක වී ඇති සිරි රණසිංහ මහතා සීමාසහිත විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතා වෙත මේ බව දැනුම් දී තිබේ.
මේ දැනුම් දීමට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ආයතනයේ ප්‍රධානීන්ගේ විශේෂ රැස්වීමක් සඳුදා (08) උදැසන කැඳවා ඇති රංජිත් විජයවර්ධන මහතා මේ කරුණු කාරණා පැහැදිළි කර දී “ලංකාදීප” පත්‍රයේ හදිසි මුද්‍රණයක් සඳුදා (15) එළිදැක්වීමට සිදු විය හැකි බැවින් ඒ සඳහා සීරුවෙන් සිටින ලෙසට සියලු අංශ ප්‍රධානීන්ට නියෝග කර ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු ද යොදා ඇත.
රට කළඹන මේ දේශපාලන පෙරළියට අදාළ ප්‍රවෘත්තිය සහිත “ලංකාදීප”පත්‍රයේ හදිසි මුද්‍රණයේ රාජකාරි කටයුතු සිදු කිරීම සඳහා සිරි රණසිංහ මහතා එම පුවත්පතේ කර්තෘ මණ්ඩලයෙන් තමාට ඉතා හිතවත් සහ විශ්වාසවන්ත ජන මාධ්‍යවේදීන් පිරිසක් ද හොර රහසේම තෝරා ගෙන ඇති අතර ඉරිදා (14) සහ සඳුදා (15) කොළඹින් බැහැර නොයා සීරුවෙන් සිටින ලෙසට ද එම කණ්ඩායමට උපදෙස් දී තිබේ.
මේ අතර මේ දේශපාලන පෙරැළිය සහ ඒ වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම සඳහා “ලේක්හවුස්” ආයතනයේ සහ කොළඹ “HILTON” හෝටලයේ සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ හමුවක් බදාදා (10) රාත්‍රියේ එම හෝටලයේ “CURRY LEAF” අවන්හලේදී පැවැත් විණ.
අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහා ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට ඒ වන විට පැමිණ සිටී “දිවයින” සහ “රිවිර” පුවත්පත්වල හිටපු ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් මහතා වෙනුවෙන් පවත් වන විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ලෙස සංවිධානය කර තිබූ මේ හමුවට “ලංකාදීප”ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ, “DALLY NEWS” ප්‍රධාන කර්තෘ ලලිත් අලහකෝන් සහ “මව්බිම” කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක සිසිර පරණතන්ත්රි යන මහත්වරු එක්ව සිටියහ.
එහිදී රටේ සිදු වීමට යන මේ දේශපාලන පෙරැළිය ගැන සිරි රණසිංහ සහ ක්‍රිෂාන්ත කුරේ යන මහත්වරුන් විසින් සිසිර පරණතන්ත්රි,ලලිත් අලහකෝන් සහ උපාලි තෙන්නකෝන් යන මහත්වරුන් වෙත කරුණු දක්වා තිබේ.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ සිසිර පරණතන්ත්රි මහතා ඒ මොහොතේම “මව්බිම” පුවත්පතේ අයිතිකරු වන ටිරාන් අලස් මහතා දුරකතනයෙන් අමතා මේ සිද්ධිය පිළිබඳ තොරතුරු ඔහු වෙත වාර්තා කර ඇත.
ඊට සාධනීය ලෙස ප්‍රතිචාර දක්වමින් ටිරාන් අලස් මහතා, සිසිර පරණතන්ත්රි මහතා වෙත දැනුම් දී තිබෙන්නේ, එසේ නම් “ලංකාදීප”පුවත්පතේ වගේම “මව්බිම” පත්‍රයේ ද හදිසි මුද්‍රණයක් සඳුදා (15) ට එළිදැක්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසය.
මේ හමුවෙන් පසුව සිරි රණසිංහ සහ අජන්ත කුමාර අගලකඩ යන මහත්වරුන් සඳුදා (15) එළිදක්වන “ලංකාදීප” පත්‍රයේ හදිසි මුද්‍රණයේ මුල් පිටුව ද නිර්මාණය කර තිබිණ.
මේ අතර “ඉරිදා ලංකාදීප” (14) පත්‍රයේ ප්‍රධාන ප්‍රවෘතිය ලෙස “අවුරුද්දෙන් පසු දේශපාලන පෙරැළියක්..” යන ශීර්ෂය යටතේ අජන්ත කුමාර අගලකඩ මහතා තවත් විශේෂ ප්‍රවෘතියක් වාර්තා කර තිබුණේ මේ කියන දේශපාලන පෙරළිය සම්බන්ධයෙන් කල් ඇතිව ඉඟි පළ කිරීමක් ලෙසය.
කෙසේ නමුත් ඉරිදා (14) සවස් වන විටත් මේ කියන දේශපාලන පෙරැළියට අදාළ තොරතුරක් තබා එවැනි පෙරැළියක සේයාවක්වත් පෙනීමට නොතිබුණු තත්ත්වය හමුවේ රංජිත් විජයවර්ධන,සිරි රණසිංහ සහ අජන්ත අගලකඩ යන මහත්වරුන් ඇතුළු පිරිස අන්දමන්ද වී ගොස් තිබේ.
මේ සියල්ල හෙළිදරව් කර ගැනීමෙන් පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජන මාධ්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කැඳවා “ලංකාදීප” පත්‍රයේ සහ එහි ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතා ප්‍රධාන ඔහුගේ අන්තේවාසික ජන මාධ්‍යවේදී එහෙයියන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් බරපතළ විවේචනයක් ද එල්ල කර ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ එම පවුලේ අන්තේවාසික එහෙයියෙකු වන සිරි රණසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අතිශය සමීපතමයෙකු වන අතර රනිල් වික්‍රමසිංහ විරෝධියෙකි.
සිරි රණසිංහ මහතාගේ සහ අජන්ත කුමාර අගලකඩ ඇතුළු ඔහුගේ නඩයේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් “lankanewsweek” අපි දිගින් දිගටම කරුණු හෙළිදරව් කර ඇති අතර ඉදිරියේදී අපි තවත් තොරතුරු රැසක් හෙළිදරව් කරන්නෙමු.
උදේට අගමැති එක්කත්,දවල්ට ජනාධිපති එක්ක සහ රෑට මහින්ද රාජපක්ෂලා සමග සිටින ක්‍රිෂාන්ත කුරේ යනු කූට දේශපාලන ගනුදෙනු සහ කුමන්ත්‍රණ මගින් සිය වාසිය වෙනුවෙන් ජාතික දේශපාලනයේ අවුල් වියවුල් ඇති කරන රටේ අංක එකේ දේශපාලන තැරැව්කරුවෙකු ලෙස බුද්ධි අංශ පවා හඳුනා ගෙන සිටින අයෙකි. ඔහු සිරි රණසිංහ,ලලිත් අලහකෝන් සහ රංජිත් විජයවර්ධන යන මහත්වරුන්ගේ අතිජාත මිත්‍රයෙකු ද වේ.
එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර දේශපාලන තොරතුරු සිය වාසියට පක්ෂයේ අභ්‍යන්තර සේම භාහිර දේශපාලන විරුද්ධවාදීන්ට කුණු කොල්ලයට විකිණීම ඇතුළු දේශපාලන කුමන්ත්‍රණ සියල්ල මාට්ටු වීම හේතුවෙන් ක්‍රිෂාන්ත කුරේ මහතා එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ද මීට සති කිහිපයකට පෙර නෙරපා හරිනු ලැබිණ.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායකයා වී රටේ නායකයා වීමට සිටින ජන මාධ්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ පියා වන රංජිත් විජයවර්ධන මහතාට අයිති සීමාසහිත විජය පුවත්පත් සමාගමේ “ලංකාදීප” පුවත්පත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට කිසිම සහයෝගයක් ලබා නොදී ඔහුටත් පක්ෂයටත් දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීමෙන් නොනැවතී මෙසේ දේශපාලන කුමන්ත්‍රණ ද සිදු කිරීම තරයේ හෙළා දකින බව එම පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරු “lankanewsweek” සමග පැවසූහ.
ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂ සහ රනිල් වික්‍රමසිංහ විරෝධී ස්ථාවරයක සිටි රටත් ජනතාවත් නොමඟ යවමින් දේශපාලන කුමන්ත්‍රණ සිදු කරන “ලංකාදීප” පුවත්පත සියලු එක්සත් ජාතික පාක්ෂිකයින් වර්ජනය කළ යුතු බව ද ඔවුහූ පෙන්වා දෙති.
කොක්කෙන් හෝ කෙක්කෙන් හරි රනිල් වික්‍රමසිංහ මහතා එළවා එක්සත් ජාතික පක්ෂයේ නායකයා වීමට මාන බලන සජිත් ප්‍රේමදාස මහතා මේ සියලු කුමන්ත්‍රණ හමුවේ නයා නොමරා පොල්ලත් නොකඩන න්‍යායක් අනුගමනය කරන්නේ යැයි ද, එම දේශපාලන දෙබඩි ස්වරුපය කිසිසේත් අනුමත කළ නොහැකි යැයි ද අරලිය ගහ මන්දිරයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් “lankanewsweek” සමග පැවසීය.
“අවුරුද්දෙන් පසු දේශපාලන පෙරැළියක්..” යන ශීර්ෂය යටතේ අජන්ත කුමාර අගලකඩ මහතා "ඉරිදා ලංකාදීපයට" වාර්තා කර තිබූ ප්‍රවෘත්තිය මෙසේය.
අවුරුද්දෙන් පසු දේශපාලන පෙරැළියක්..?
(අජන්ත කුමාර අගලකඩ)
අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව එළැඹෙන සති දෙකක කාලය තුළ දේශපාලන කරළියේ ප්‍රබල වෙනස්කම් කිහිපයක් සිදුවීමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
ඩුබායි රටින් පිටුවහල් කර ඇති මාකඳුරේ මධුෂ් නමැත්තා ලබන සතියේදී මෙරටට රැගෙන ඒමට නියමිතව ඇති අතර එයද දේශපාලන කරළියේ වෙනස්කම්වලට හේතුවිය හැකි බව එම ආරංචිමාර්ගවලින් පැවැසේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් තිබූ බවට පළවූ කතාබහට මාකඳුරේ මධුෂ් නමැත්තාගේ නමද ඈඳී ඇති බැවින් ඔහු මෙරටට රැගෙන ඒම දේශපාලන ක්ෂේත්රයේද දැඩි අවධානයට යොමුව ඇත.
මේ අතර අලුත් අවුරුද්දෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදුජන පෙරමුණත් එජාප විරෝධී අනෙකුත් පාර්ශ්වත් එක්ව ආණ්ඩුවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගවලට එළැඹිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඉකුත්දා පාර්ලිමේන්තුවේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබිණි.
Lanka Newsweek © 2024