සීනි ගැන ඇත්ත නැත්ත දැන ගනිමු..!

Spread the love

සීනි ගැන අපි හැමෝටම සුන්දර අත්දැකීම්, මතකයන් තිබෙනවා. අන්දරේ සීනි කාපු කතාව වගේම අම්මා හංඟලා තිබ්බ සීනි බෝතලෙන් සීනි හැන්දක් හොරන් කාපු හැටි, සීනි ගේන්න කඬේට ගිහින් එන කොට සීනි ගොට්ටේ පුංචි හිලක් හදාගෙන සීනි උරා බීපු හැටි, බත් කාලා අතුරුපස විදිහට සීනි ටිකක් අල්ලට හලාගෙන කටේ දාගත් හැටි වැඩිහිටි බොහෝ දෙනකුගේ මතකයේ සදාකාලිකව තැන්පත් වෙලා ඇති.

ඒත් කාලයක් ලොකු කුඩා සැමට ප‍්‍රනීත කෑමක් වූ සීනි පසුගිය කාලය වන විට යක්ෂයෙක් බවට පත්වෙලා. සීනි දැක්කොත් වෙවුලන මිනිසුන් පිරිසක් බිහිවෙලා. ‘අපෝ අපි සීනි තියෙන කිසිම දෙයක් කන්නේ බොන්නේ නැහැ’ කියන පිරිසක් බිහිවෙලා. මේ ප‍්‍රණීත කෑම අප‍්‍රියජනක ආහාරයක් වුණේ කොහොමද ? ඒ වෙන කිසිවක් නිසා නොවෙයි අද ලොකු කුඩා සියලූ දෙනාම ක‍්‍රමික මරණයක් කරා ගෙන යන ‘දියවැඩියාව’ නිසයි.

සීනි ගැන කතා

‘සීනි’ ලංකාවේ සිංහල ජනතාව පොදුවේ වහරන නම. ලංකාවේ අපි දන්නේ සීනි වර්ග දෙකක් විතරයි. ඒ ‘රතු සීනි’ සහ ‘සුදු සීනි’ කියන දෙක. ඒත් ලෝකයේ සීනි වර්ග විශාල සංඛ්‍යාවක් තිබෙනවා. අපි පොදු ව්‍යවහාරයේ සීනි මේ වර්ග කළත් වෛද්‍ය විද්‍යාත්මකව සිදුවන වර්ගීකරණය මීට වෙනස්. උක් හෝ බීට් යුෂ මගින් කර්මාන්තශාලාවල නිෂ්පාදනය කරන සීනි අයත් වෙන්නේ ‘සුක්රෝස් ’කියන කාණ්ඩයට. මේ සීනි ආහාරයට ගත්විට සිරුරට උරා ගැනීමේදී ‘පෘක්ටෝස්’ හා ‘‘ග්ලූකෝස් ’ යන කාණ්ඩ දෙකට බෙදෙනවා.

සීනි තිබෙන්නේ උක් ගස්වල හෝ බීට් වල විතරක් නොවෙයි. අපි කවුරුත්   අපේ රුධිරයෙත් සීනි තිබෙනවා. රුධිරගත  සීනි හඳුන්වන්නේ ‘ග්ලූකෝස් ’ කියලා. රුධිරයේ තිබෙන සීනි ප‍්‍රමාණය අපි ආහාරයට ගන්නා ආහාර සමග වෙනස් වෙනවා. ඒ කියන්නේ, ආහාරවල ඇති විවිධ කොටස්, විශේෂයෙන් ‘පිෂ්ඨය’ මගින් සිරුර තුළ ග්ලූකෝස් වර්ගයට අයත් සීනි පරිමාව වැඩි කරනවා.

පලතුරු සීනි

අපි සීනි කන්නේ කඩෙන් ගෙනත්නේ. ඒත් අපි තවත් ආකාර කිහිපයකින් සීනි ආහාරයට එක්කර ගන්නවා. ඒ අතර ප‍්‍රධාන තැනක් පලතුරුවලට හිමිවෙනවා. ‘පෘක්ටොස්’කියන්නේ මේ ආකාරයෙන් පලතුරු මගින් අපට ලැබෙන සීනි විශේෂයක්. පැණිරස පලතුරු වල පෘක්ටෝස් සීනි විශාල වශයෙන් දැකිය හැකියි.

දියවැඩියා රෝගීන්ට වෛද්‍යවරු දෙන අවවාදයක් තමයි පිෂ්ඨය සහිත ආහාර දැඩිව පාලනය කළ යුතු බව. ඒකට වෛද්‍ය විද්‍යාත්මක හේතුවක් තිබෙනවා. ඒ පිෂ්ඨය සහිත ආහාර පාරිභෝජනය කිරීම මගින් “මෝල්ටෝස්”  කියන ධාන්‍යමය සීනි සිරුර නිෂ්පාදනය වෙනවා.  වෛද්‍යවරු කියන ආකාරයට මොල්ටෝස් සීනි බහුල වශයෙන් තිරිඟු සහ බාර්ලි වල දැකිය හැකියි.

මවුකිරි වලත් සීනි

මේ ලෝකයේ තිබෙන වටිනාම ආහාරය තමයි මවුකිරි. මවුකිරි ඇතුළු සියලූම කිරි හා කිරි නිෂ්පාදනවල තිබෙන සීනි හඳුන්වන්නේ ‘ලැක්ටෝස් ’ කියලා. අපි කියන්නේ ‘සීනි පැණි රසයි’ කියලනේ. ඒක ඇත්ත. සීනි පැණි රස තමයි. ඒත් වැඩියෙන්ම පැණි රස මොන සීනිද ? වෛද්‍යවරු කියන ආකාරයට වැඩියෙන්ම පැණිරස සීනි වර්ගය තමයි ‘පෘක්ටෝස්.’මවුකිරි ඇතුළු කිරි වර්ග වල තිබෙන ලැක්ටෝස් අඩුවෙන්ම පැණි රස සීනි වර්ගය බව සඳහන් වෙනවා. මේ කොහොම වුණත් මේ සියලූම සීනි වර්ග පාරිභෝජනය කළ විට ‘ග්ලූකෝස්’ කියන සීනි වර්ගය අවසානයේදි ශේෂ වෙනවා.

සීනි ගැන මිත්‍යා මත

‘අන්දරේ සීනි කෑවා’ කියන කතාව අපි හැමෝම දන්නවා. ඉතිහාසය කියන විදිහට අන්දරේ කියන්නේ ‘කල්පිතයක්’ එහෙම නැතිනම් හිතින් මවාගත් චරිතයක්. කොටින්ම මිත්‍යාවක් විය හැකියි. (ලංකාවට සීනි හඳුන්වා දෙන්නේ බි‍්‍රතාන්‍ය ජාතිකයින් බවයි කියන්නේ) මේ ආකාරයට සීනි සම්බන්ධයෙනුත් අපි අතර මිත්‍යාවන් රැසක් තිබෙනවා. අපි මේ ගැන සියුම්ව විමර්ශනය කළ යුතුයි.

සීනි සහ දත්

‘සීනි කීවොත් දත් දිරනවා’ කියන එක අපි නිතර නිතර අහන කතාවක්. මේ කතාවඇත්ත කතාවක් බව අපි පිළිගත යුතුයි. ඒත් දත් දිරන්න සීනි විතරක් නොවෙයි සීනි අඩංගු තවත් බොහෝ දේ බලපානවා. උදාහරණයක් විදිහට ‘මී පැණි ’ වගේම පලතුරු යුෂත් දත් දිරා යාමට හේතු වෙනවා. දත් දිරා යාමට සීනි හේතුවක් වෙන්නේ මෙහෙමයි. දන්ත පථ තුළ විවිධාකාර බැක්ටීරියාවන් ජීවත් වෙනවා. ඔවුන් සීනි උපයෝගී කොට ගෙන දත තුළ ආම්ලික කොටස් නිෂ්පාදනය කරනවා. මේ අම්ල වලට දතෙහි ඇති ශක්තිමත් ම කොටස ලෙස සැලකෙන ‘ඉනැමලය’ විනාශ කිරීමට හැකියාව ලැබෙනවා. කිරි වර්ග වල ඇති සීනි අනෙකුත් සීනි වර්ගවලට සාපේක්ෂව දත්වලට කරන බලපෑම අඩුයි. ඊට හේතුව වන්නේ එහි පැණිරස අඩුවීම සහ කිරි වල අන්තර්ගත සීනිවල දත් හා ක‍්‍රියාකාරී වීම වළකන විශේෂ සාධකයක් තිබීම.

සීනි හා මොළය

‘මොලේ තියෙන කෙනෙක් සීනි කන්නේ නැහැ’ කියලා සමහරු කියනවා. දියවැඩියාව වැනි රෝගය සම්බන්ධයෙන් මේ කතාව අදාළ විය හැකි වුණත් අපට කියන්න තියෙන්නේ ‘සීනි නොකෑවොත් මොළේ නැහැ’ කියන එකයි. මේකට හේතුව තමයි මොළයේ ක‍්‍රියාකාරීත්වය සහ ස්නායු සමායෝජනය සඳහා උපකාර කරන්නේ ‘ග්ලූකෝස්’. මේ ග්ලූකෝස්  නිපදවීමට නම් අප සීනි ආහාරයට ගත යුතුමයි. අප ආහාරට ගන්නා සීනිවලින් කොටසක් ඒ මොහොතේම රුධිර ධාරාවට එකතු වෙලා ‘ශක්තිය’ නිපදවනවා. ඉතිරිය ‘ග්ලයිකෝජන්’ නැමැති රසායනිකය බවට පත්වෙලා අක්මාවේ සහ මාංශ කොටස් තුළ තැන්පත් වෙනවා. සිරුරට ග්ලූකෝස් අවශ්‍ය වූ විට මේ ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පත් වෙනවා.

සීනි – තෙල්

සීනි – තෙල් සම්බන්ධයක් නැහැ ‘සීනි සිරුර තුළ තෙල් පරිමාව වැඩිකරනවා’ කියන කතාව මිත්‍යාවක් බව කිව යුතුයි. ඒකට හේතුව තමයි කාබෝහයිඩ්‍රේට්ග‍්‍රෑමයක ඇති ශක්ති ප‍්‍රමාණය හා සීනි ග‍්‍රෑමයක ඇති ශක්ති ප‍්‍රමාණය සමාන වීම. මේ වන විට සිදු කරලා තිබෙන පරීක්ෂණ අනුව හඳුනා ගෙන ඇති ආකාරයට සීනි වල පිෂ්ඨිය ආහාරවලට වඩා වැඩි තෙල් ප‍්‍රමාණයක් නැහැ. වෙළෙඳපොළේ ඇති සීනි කැට උක් ගසෙන් හෝ වෙන යම් සීනි සාර පැළැටියකින් උකහා ගත් ‘සුක්රෝස්’වේ. සුදු සීනි කැටවල සුක්රෝස් ප‍්‍රතිශතය සියයට 99.5 ක් තරම් ඉහළ අගයක් ගන්නවා. මේ නිසා සීනි වර්ග බහුතරයක ඇත්තේ සුළු පෝෂ්‍ය ගුණයක්.නැතහොත් සීනිවල කිසිඳු ආකාරයක පෝෂණ ගුණයක් නැහැ.

එහෙත් ශක්තිය සම්බන්ධයෙන් ගත්විට සීනි වල තත්ත්වය ඉතාමත් වැදගත් වෙනවා. චොක්ලට් කේක් හා බිස්කට් වැනි වැඩි ශක්ති ප‍්‍රමාණයක් ලබා දෙන ආහාර අධික සීනි ප‍්‍රතිශතයකින් යුක්ත වෙනවා. උදාහරණයක් වශයෙන් සාමාන්‍ය ප‍්‍රමාණයේ චොක්ලට් එකක ඇති ශක්ති ප‍්‍රමාණය කුකුල් මස් සහිත බර ආහාරයක ඇති ශක්තියට සමාන බවයි තහවුරු වෙලා තිබෙන්නේ. මේ තොරතුරුවලින් අදහස් වෙන්නේ සීනි භාවිතය සාධාරණීකරණය කිරීම හෝ සීනි හොඳ කෑමක් බව කීම නොවෙයි.

ඔබේ  ආහාර වේල පෝෂ්‍ය ගුණයෙන් සාරවත්කර ගැනීමට සහ ඔබේ බර ප‍්‍රමාණය සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වා ගැනීමට නම් ඔබ අනිවාර්යයෙන් ම පැණිරස ආහාර අනුභවයසීමා කළ යුතුමයි.

සීනි සහ හදවත

‘සීනි’ පාරිභෝජනය අඩු කිරීම හෘද රෝගවලට අතවනයි’ කියලා අතැමුන් අතර මතයක් තිබෙනවා. ඒක සම්පූර්ණයෙන් බොරු අදහසක්. පර්යේෂණවලට අනුව මේදමය ආහාරඅඩු කැලරි ප‍්‍රමාණයක් (ශක්තියක්) ජනිතකරනවා. සීනි සහිත ආහාර වැඩි කැලරි ප‍්‍රමාණයක් ජනිත කරනවා. ඒත් හෘද රෝග අවදානමෙන් මිදීමට සීනි සහ මේදමය ආහාර දෙකම අඩු කිරීම ප‍්‍රායෝගික වන්නේ නැහැ.

සීනි පාරිභෝජනය අඩු කිරීම මේදමය ආහාර වැඩිකර ගැනීමට පොළඹවන පසුබිමක් ඇති කරනවා. එය හෘද රෝගවලට අත වැනීමක් වශයෙන් සැලකිය හැකියි. එහෙත් මෙහි තවත් ඍණාත්මක පැතිකඩක් තිබෙනවා. ඒ සීනි පාරිභෝජනය අඩු කිරීම නිසා මේද වලින් ලබාගත යුතු ශක්ති ප‍්‍රමාණය මේද ආහාර ප‍්‍රමාණය නියතව පවත්වා ගනිමින් සිදු කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා හෘද රෝග අවදානමෙන් මිදීමට මේදය අඩු ආහාර ගන්නා අතරම සීනි වර්ග ආහාරයට ගැනීමේදී හැකිතාක් ස්වභාවික සීනි (පලතුරු) වලින් ඉටු කර ගැනීම ඉතා වැදගත්.

ඉස්සර තරම් සීනි කන්නේ නැද්ද ?

ඉස්සර කාලේ තරම් දැන් සීනි කන්නේ නැහැ ’ මේ කතාව බොහෝ දෙනකු කියන කතාවක්. ඒ කියන්නේ බොහෝ දෙනෙක්දැන් ඉස්සර තරම් සීනි ප‍්‍රමාණයක් නිවසටගේන්නේ නැහැ. ඒ නිසා තමන්ට සීනි ගැන අවදානමක් නැහැ’ කියලයි ඔවුන් හිතන්නේ. මේ කතාව සම්පූර්ණයෙන් බොරුඑකක්. ඔබ වෙළෙඳ සැලෙන් මිලදී ගන්නාසීනි ප‍්‍රමාණය අද අඩුවිය හැකියි. ඒත් සීනිඅන්තර්ගත, ඇතැම් විට ඉතා වැඩි සීනිප‍්‍රමාණයක් සහිත බොහෝ ආහාර සහපාන වර්ග ඔබ විසින් ආහාරයට ගන්නාබව පැහැදිලියි. ඒක සිද්ධ වෙන්නේ ඔබ ආහාරයට ගන්නා අමතර ආහාර (කේක්, පලතුරු, පලතුරු යුෂ, ටින් කළ අතුරුපස) වල අන්තර්ගත සීනි නිසයි.

මේ තත්ත්වය තුළ ඔබ සීනි කැට වශයෙන් නොව සැඟවුණු සීනි විශාල ප‍්‍රමාණයක් දෛනිකව ආහාරයට එක්කර ගන්නා බව පැහැදිලියි. වෛද්‍ය විද්‍යාත්මක මතය අනුව නම් වැඩිහිටියෙකු සාමාන්‍යයෙන් දිනක් තුළ ආහාරයට ගතයුතු සීනි ප‍්‍රමාණය ග‍්‍රෑම් 60 ක් (තේ හැදි 12ක්)නොඉක්මවිය යුතු බව පෝෂණවේදීන්ගේ මතයයි.

සීනි කෑමෙන් ශක්තිය වඩවයිද ?

අප සාමාන්‍යයෙන් එදිනෙදා භාවිත කරන උක් සීනි ( සුක්රෝස් සීනි ) රස කැවිලි, බිස්කට් හා කේක් වැනි කැවිලි වර්ග නිෂ්පාදනයට යොදා ගන්නවා. මෙම ආහාර ගත් සැණින් ඒවායින් කොටසක් සිරුරට අවශ්‍ය ශක්තිය ලබා ගැනීම සඳහා සැණෙකින් ක‍්‍රියාත්මක වෙනවා. සිරුරට ග්ලූකෝස් එක් කරමින් මේ සීනි වර්ගය සැණෙකින් රුධිරයට එක් වෙනවා. මේ ආහාර මගින් රුධිරයට එක්වන  සීනි ප‍්‍රමාණය අවශ්‍ය ප‍්‍රමාණයට වඩා අඩුනම් වෙහෙසකර බව, ක්ලාන්තය, හිසේ රුදාව ආදී ලක්ෂණ මතු වෙනවා. මේ අවස්ථාවේදී ඇඞ්රිනලින් ග‍්‍රන්ථිය මගින් ඇඞ්රිනලින් හෝමෝනය ස‍්‍රාවය කර රුධිරගත සීනි ප‍්‍රමාණය ස්ථාවර කර ගන්නවා.

මේ අවස්ථාවේදී අපත් නොදැනීම අප පැණි රස කෑම වලට පොළඹවනවා. ධාන්‍ය වර්ග, එළවළු වැනි සංකීර්ණ පිෂ්ඨය කොටස් සහිත සීනි සාර ආහාරවල ඇතැම් විට කෙඳිති සහිත ස්වභාවයක් ද තිබිය හැකියි. කෙඳි සහිත ආහාර සිරුරට උරා ගැනීමේ වේගය අඩු කරනවා. මේ තත්ත්වයසිරුර තුළ නැවතත් රුධිරගත සීනි ප‍්‍රමාණය නියත අගයක පවත්වා ගැනීම දිරි ගන්වනවා.මේ අනුව සඳහන් කළ හැක්කේ ඔබටඔබගේ ශක්තිය වැඩිකර ගැනීමට අවශ්‍ය වුවහොත් පැණිරස ආහාර වෙත යොමු වෙනවාට වඩා පිෂ්ඨයසාර ආහාර වෙත යොමු වීම වඩාත් යෝග්‍ය බවයි.

දියවැඩියා රෝගීන්ගේ සීනි වැඩිද ?

‘දියවැඩියාව’ කියන්නේ සිරුරේ ඉන්සියුලින් කියන හෝමෝනය නිපදවීම නිසාඇතිවන අසාමාන්‍ය තත්ත්වයක්. ඉන්සියුලින්හෝමෝනය රුධිරයේ ඇති ග්ලූකෝස් විවිධෙසෙල තුළට බෙදා හැරීමට උපකාරී වනහෝමෝන අතරින් එකක්. එසේම එය ග්ලූකෝස්නැවත ‘ග්ලයිකෝජන්’ නමැති සංචිත සීනිබවට පෙරළීමට ද උපකාරී වෙනවා. මේ අනුවඅපට පැහැදිලිව වන්නේ දියවැඩියා රෝගියෙකුතුළ වැඩි සීනි ප‍්‍රමාණයක් පවතින බවට වනමතය සත්‍ය බවයි.

සීනි සහ වැඩිහිටියන්ගේ දත්

සීනි වියපත් පුද්ගලයින්ගේ දත් වලට වැඩියෙන් හානි කරන බවට පවතින මතය සත්‍ය එකක්. එයට හේතුව වන්නේපුද්ගලයෙකු වයසට යන විට සිරුරේ ඛේට ග‍්‍රන්ථිවල ස‍්‍රාවය (කෙළ) නිපදවීම අඩුවීමයි.ආරක්ෂක ආවරණයක් සේ ක‍්‍රියා කරන කෙළශ‍්‍රාවය වීම අඩුවීම නිසා දත්වලට අම්ල වලින්වන හානිය ද වැඩිවෙනවා.මේ හැරුණ විට වියපත් වන විට විදුරුමස දියවී දන්ත මූලය වාතයට නිරාවරණයවෙනවා. මෙය ද දත් දිරාපත් වීම දිරිගන්වන තත්ත්වයක් වශයෙන් සඳහන් කළ හැකියි..

මේ අනුව අපට සඳහන් කළ හැක්කේ වියපත් පුද්ගලයින් පැණිරස කෑම අඩුකර ඒ වෙනුවටපලතුරු, එළවළු හා පිෂ්ඨය සාර ආහාර ගැනීම වඩාත් යෝග්‍ය බවයි.

(විශේෂඥ  වෛද්‍යවරයෙක් සමග කළ සාකච්ඡාවක් ඇසුරින්)

සැකසුම-උරේෂා මදුභාෂිනි කුමාරි

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*