සමන් අතාවුද “lankanewsweek” අඩවියට ගොරවයි..!

Spread the love

කෝටි හතරේ පැනයට පිළිතුරු නොදී පැන යයි..!      

සමන් අතාවුද නඩු මඟට බසින තුරු “lankanewsweek” නොඉවසිල්ලෙන්..!

(සුජිත් මංගල ද සිල්වා)

“lankanewsweek” අන්තර් ජාල වෙබ් අඩවියට නඩු පවරන බව කියමින් අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (මාධ්‍ය) සමන් අතාවුදහෙට්ටි මහතා සෙනසුරාදා (09) රාත්‍රියේ තර්ජනය කළේය.

ඔහු මෙසේ “lankanewsweek” වෙත තර්ජනය කළේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මාධ්‍ය ප්‍රචාරක ව්‍යාපාරයේ ක්ෂණික වියදම් සඳහා යැයි කියමින් රුපියල් කෝටි හතරක වැය ශීර්ෂයක් සමන් අතාවුදහෙට්ටි මහතා ඉදිරිපත් කර ඇති බවට පැතිර යන ආරංචියේ සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගැනීමට  මේ ලියුම්කරු ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලබා දුන් අවස්ථාවේදීය.

මේ කාරණය විමසීමේදී අතිශය කලබලයට සහ කෝපයට පත් වූ සමන් අතාවුදහෙට්ටි මහතා “මම ඔයාලට විරුද්ධව නඩු පවරනවා” යැයි කියා තර්ජනය කරමින් සිය ජංගම දුරකථනය විසන්දි කළේය.

අප කණ්ඩායම වෙත ලැබෙන මේ තොරතුරු සම්බන්ධයෙන් නඩු පවරනවා නම් සමන් අතාවුදහෙට්ටි මහතා නඩු පැවරිය යුත්තේ “lankanewsweek” වෙබ් අඩවියට නොව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ඔහුගේ අභ්‍යන්තර කවයට (INNER CIRCLE) බව අපි ඔහුට අවධාරණයෙන් යුතුව කියා සිටිමු.

එම ඍජු ප්‍රකාශයෙන් අප කණ්ඩායම ගම්‍ය කරන කාරණය කුමක්ද යන්න පිළිබඳව ඕනෑම ළදරුවෙකුට වුණත් තේරුම් ගත හැකියැයි “lankanewsweek” විශ්වාස කරන අතර සමන් අතාවුදහෙට්ටි මහතා අපට එරෙහිව නඩු පවරන තුරු අප නොඉවසිල්ල්ලෙන් යුතුව බලා සිටින බව ද අපි අවධාරණය කර සිටිමු.

සමන් අතාවුදහෙට්ටි මහතාව එක්සත් ජාතික පක්ෂ   හඳුන්වන්නේ “BILL KING” යන අන්වර්ථ නාමයෙන් වන අතර ඊට හේතුව අමුතුවෙන් ලිවිය යුතු නොවේ.

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකයාත්,විපක්ෂනායකවරයා සහ අග්‍රාමාත්‍යවරයා ලෙස අවුරුදු ගණනාවක් මුළුල්ලේ රට සහ ලොව  පුරා සංචාරය කරද්දී ඒ අවස්ථා මාධ්‍ය ආවරණය කිරීමට මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතනවලින් මධ්‍යව්දීන් රැගෙන යද්දී ඒ අයගේ කෑමබීම,ඉඳුම්හිටුම් සහ ප්‍රවාහනය සඳහා යොද වන අති විශාල මුදල් සම්භාරය වෙනුවෙන් විවිධ වියදම් දක්වමින් “BILL” පත් ඉදිරිපත් කර ඒ මුදල් වාෂ්ප කළ ආකාරය ඒ කාලයේ සමන් අතාවුදහෙට්ටි සමග සිටී මේ ලියුම්කරු හොඳින්ම දනී.

එමෙන්ම එවකට විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරීන් ලෙස කටයුතු කළ සහ මේ වන විට නිවාස,ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය  සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කරන මහිලාල් එම් සෙනෙවිරත්න සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යපෘති අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන  ඉක්බාල් හනීෆා යන මහත්වරු මේ පිළිබඳ තොරතුරු මේ ලියුම්කරුටත් වඩා දනිති.

මේ අතර ජනමාධ්‍ය ඇමතිකම මුදල් අමාත්‍ය  මංගල සමරවීර මහතාගෙන් ගලවා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාට ලබාදීමෙන් පසුව ඔහු අන්දවා ගෙන  රාජ්‍ය මාධ්‍ය යළි සිය අණසකට ගැනීමේ අභ්‍යන්තර  අරගලයක යෙදී සිටින සමන් අතාවුදහෙට්ටි මහතා තමාට “එහෙයි” කියන සිය හෙංචයියන් රාජ්‍ය මධ්‍යයේ ප්‍රධාන තනතුරුවලට පත් කර ගැනීමට ද ක්‍රියා කරමින් සිටියි.

ඊට හොඳම උදාහරණය එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් වුණාම පක්ෂයේ පැත්ත පළාත නොබලා ඇමරිකාවට පැන යන සහ පක්ෂය යළි දිනුවාම ශ්‍රී ලංකාවට පැමිණෙන සමන් වගආරච්චි මහතාගේ නම “ලේක්හවුස්”  ආයතනයේ සභාපති ධූරය සඳහා ද එම ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක ධූරය සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ අනතේවසිකයෙකු වන “ලංකාදීප” පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතාගේ එහෙයියෙකු වන  වයස අවුරුදු 70 ඉක්මවූ “ඉරිදා ලංකාදීපයේ” පී.බී ඉලංගසිංහ මහතාගේ නම සමන් අතාවුදහෙට්ටි මහතා විසින් යෝජනා කරනු ලැබීමය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් “lankanewsweek” සමග පැවසුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මාධ්‍ය ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රධානියා ලෙස  සමන් අතාවුදහෙට්ටි මහතා පත් කළොත් අගමැතිවරයාගේ ජනපති සිහිනය සිහිනයක්ම වනු ඇති බවය.   

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*