සංගීතඥ එච්.එම් ජයවර්ධන නික්ම යාම: “පිරවිය නොහැකි රික්තකයක්”

Spread the love


“සරල මිනිසුන් හිස උදුම්මවා ගන්නේ නැත. එවැනි මිනිසුන් බොහෝ කල් ජීවත්වන්නේද නැත. එච්.එම් ජයවර්ධන සංගීතවේදියාණනි ඔබට නිවන් සුව”

“ඉතිහාසය පුරා බොහෝ කතා එච්.එම් නමින් ලියැවී තිබේ. නමුත් ඒ බොහෝ තැන් වල ඔහු නිහඬ ය. ඔහු හෘද සාක්ෂ්‍යයට එකඟව භාරගත නොහැකි යැයි පවසමින් 1983 වසරේ හොඳම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය සඳහා වූ ජනාධිපති සම්මානය ප්‍රතික්ෂේප කළේ ය. ඒ තම “මුහුදු ලිහිණි” චිත්‍රපටයේ සංගීතය ට වඩා ප්‍රේමසිරි කේමදාසයන් ගේ “තුන්වැනි යාමය” සංගීතය විශිෂ්ඨ බව පවසමිනි. එහෙත් එය එක්තරා සරල සිදුවීමක් ලෙස සැලකූ එච්.එම් හැමදාටම එච්. එම් ලෙස ම ජීවත් විය.

කේමදාස, රෝහණ වීරසිංහ වැනි සංගීතවේදීන් තරම් H.M. ජයවර්ධන ශ්‍රී ලාංකේය සංගීත කතිකාවේ කතා බහට ලක්වුන සංගීතවේදියෙක් නොවන බව මගේ හැඟීමයි. ඔහුගේ නම මගේ විඥානය තුල එතරම් සැරිසැරූවක් නොවේ. කෙසේවෙතත් පහත ගීත ලැයිස්තුව දුටු මුල්ම මොහොතේ මට දැනුනේ මා දැඩි ලෙස ඇලුම් කරන ගීත කෙතරම් සංඛ්‍යාවකට ඔහුගේ නිර්මාණ දායක්ත්වය ලැබී තිබේද යන්නයි.

H.M. ජයවර්ධන සංගීතවේදියානෙනි, අපගේ රස වින්දනයට ඔබ දැක්වූ අමිල දායකත්වයට බෙහෙවින්ම තුති…ඔබට සුබ ගමන්…
(ගීත ලැයිස්තුව උපුටා ගත්තකි.)
=============================
තනි වෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි – අජිත් පෙරේරා
වාසනා වේවා පින්බර කුමරිය කුල කුමරිය – සනත් නන්දසිරි
ඇය යන්න ගියා මැකිලා – අමරසිරි පීරිස්
සඳක් නම් බැස යන්න තිබුණා – රොහාන් ශාන්ත බුලේගොඩ
වීණාව, උර තලයේ රැඳෙන්න

විශාරද නන්දා මාලනී
1. කඩමණ්ඩියේ (පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න)
2. නවාතැන්පොළ (පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න)
3. ඔබයි රම්‍ය (පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න)
4. ප්‍රේමය නම් (පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න)
5. මා හඬනා (පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න)
6. විලක් උනත් (පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න)
7. පූජාසනයේ (පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න)
8. පිළිම නෙලා (පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න)
9. මධුර ප්‍රේම (පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න)
10. බුදු තාත්තේ (පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න)
11. පහන් කන්ද (පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න)
12. රෝස කුසුමක් (පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න)
14පෙම් ලොව දී දුටු ඔහුමද මේ
15නෙළාගන්න බෑ
16 ලේ කඳුලින් දෙපා දොවා
17 මේ ජීවන ගංඟා ධාරයේ

විශාරද මාලනී බුලත්සිංහල
1. රජ මැදුරක (පද රචනය : ලූෂන් බුලත්සිංහල)
1. ඔබට මා ආදරය කළ බව මෙතරම්, (පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න)
2. ප්‍රේමයේ විල්තෙරේ (පද රචනය : කුලරත්න ආරියවංශ)
3. සෙනෙහස ඉල්ලා (පද රචනය : අශෝක කෝවිලගේ)
4. පුන් පෝ දා (පද රචනය : ලූෂන් බුලත්සිංහල)
5. කන්ද කෙන්ද (පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්)
6. වසන් කරන්නට (පද රචනය : බන්දුල ගුණවර්ධන)
7. මල පොතේ අකුරු (පද රචනය : දෙල්තොට චන්ද්‍රපාල)
8. අහසින් තරුවක් (පද රචනය : ලූෂන් බුලත්සිංහල)
9. දකින විට පන්සලක් (පද රචනය : සුජීව කරුණාසේන)
10. දෑතින් වැඳල වැඳල (පද රචනය : රඹුක්කන සිද්ධාර්ථ හිමි)
11. හිමි සනරාමර (පද රචනය : රඹුක්කන සිද්ධාර්ථ හිමි)
12. සෙනෙහස පුදා (පද රචනය : රඹුක්කන සිද්ධාර්ථ හිමි)
13. සැන්දෑ අහස (පද රචනය : ලූෂන් බුලත්සිංහල)
14. කුලඟන වී (පද රචනය : ලූෂන් බුලත්සිංහල)
15 මා එක්කලා අමනාපව

විශාරද සුනිල් එදිරිසිංහ
1. දෙවොලේ නොකැළැල් (පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න)
2. නුඹේ සිතට (පද රචනය : සුනිල් ආර්. ගමගේ)
3. කැලෑ මල් (පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න)
4. මිනිසෙකු පිට (පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්)
5. සයුරක් නොදුටු (පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රි)
6. සියල්ල ඉදිරී (පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්)
7. පුර පෝය හඳට (පද රචනය : සුනිල් ආර්. ගමගේ)
8. ඉස්සර මං ගිය (පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රි)

විශාරද ටී.එම්. ජයරත්න
1. රත්තරන් නෙත් (පද රචනය : කුලරත්න ආරියවංශ)
2. ඔබ හා මෙමා (පද රචනය : විමලා රංජිනී පීරිස්)
3. ලෝකයේ රුදු (පද රචනය : කුලරත්න ආරියවංශ)
4. සියක් ආයු ලැබ (පද රචනය : රඹුක්කන සිද්ධාර්ථ හිමි)
5. මේ පුංචි රටේ (පද රචනය : කුලරත්න ආරියවංශ)
6. සීත මීදුම් (පද රචනය : කුලරත්න ආරියවංශ)
7. පෙති ගෝමර (පද රචනය : කුලරත්න ආරියවංශ)
8. මට තනි නැත (පද රචනය : සමන් චන්ද්‍රනාත් වීරසිංහ)

විශාරද එඩ්වඩ් ජයකොඩි
1. එක යායේ – විශාරද සුනිල් එදිරිසිංහ සහ බන්දුල විජේවීර සමග (පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්)
2. බුදු බණ කිව්වා – විශාරද මාලනී බුලත්සිංහල සමග (පද රචනය : රඹුක්කන සිද්ධාර්ථ හිමි)
3. බණ කියන රටක් (පද රචනය : රඹුක්කන සිද්ධාර්ථ හිමි)
4. ගමේ පන්සල (පද රචනය : රඹුක්කන සිද්ධාර්ථ හිමි)
5. බුදු බණක් කියන්නට (පද රචනය : රඹුක්කන සිද්ධාර්ථ හිමි)
6. අකීකරුද ඔබේ (පද රචනය : බන්දුල නානායක්කාරවසම්)
7සිරි යහනේ (පද රචනය : ලූෂන් බුලත්සිංහල)

කරුණාරත්න දිවුල්ගනේ
1. ලා දළු බෝපත් (පද රචනය : රඹුක්කන සිද්ධාර්ථ හිමි)
3. දුරු කතර (පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ)
4. මාල ගිරවියේ (පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ)
5. සඟවන්න එපා (පද රචනය : විපුල ධර්මප්‍රිය ජයසේකර)

බණ්ඩාර අතාවුද
1. ඔබ ඈත සඳ වී (පද රචනය : ජයලත් මනෝරත්න)
2. සිහිනයකි ඔබ – නිරංජලා සරෝජිනී සමග (පද රචනය : කුසුම් පීරිස්)
3. සිතුවිලි සිරවී (පද රචනය : කුසුම් පීරිස්)
4. කොහේ යන්නද – විශාරද මාලනී බුලත්සිංහල සමග (පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රි)

විශාරද ගුණදාස කපුගේ
1. කවුරුත් එන්නැති (පද රචනය : සමන් අතාවුදහෙට්ටි)
2. බිංදු බිංදු (පද රචනය : ලූෂන් බුලත්සිංහල)
3. දුරු රට ගොසින් (පද රචනය : පාලිත යාපාරච්චි)

නිරංජලා සරෝජිනී
1. මිණි මිණි පොදේ (පද රචනය : ලූෂන් බුලත්සිංහල)
2. මේ ගඟ මේ (පද රචනය : ලූෂන් බුලත්සිංහල)
3. සඳලතා නගේ (පද රචනය : ලූෂන් බුලත්සිංහල)
4. ලා සඳ එළියේ (පද රචනය : දයා ද අල්විස්)

සෝමතිලක ජයමහ
1. බොහෝ දුකින් (පද රචනය : රඹුක්කන සිද්ධාර්ථ හිමි)
2. එදා වාගේ අදත් (පද රචනය : ප්‍රසන්න චන්දන බණ්ඩාර)
3. සඳක් උනේ ඇයි (පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ)

චන්දන ලියනාරච්චි
1. මහද ගගන (පද රචනය : යමුනා මාලිනී පෙරේරා)
2. සඳට ආදරෙයි (පද රචනය : චන්න ජයනාත්)
3. ඉර මඩලට (පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ)

ආචාර්ය වික්ටර් රත්නායක
1. සීතල පිනි බිංදු (පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රි)
2. තුරු ලපලු (පද රචනය : හැරී විමලසේන)

ජානක වික්‍රමසිංහ
1. කිරුල මුතු (පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ)
2. බාලිකාවියන් (පද රචනය : සමන් ඒකනායක)

ක්‍රිෂාන්ත එරන්දක
1. වී පැදුරෙන් (පද රචනය : මහින්ද දිසානායක)
2. පංච කල්‍යාණියේ (පද රචනය : බණ්ඩාර ඇහැලියගොඩ)

මල්කාන්ති නන්දසිරි
1. සඳ කැලුම් ගලන පාර් කොනේ (පද රචනය : ප්‍රනීත් අභයසුන්දර)

පණ්ඩිත් ඩබ්ලිව් ඩී. අමරදේව
1. සඳ තරු නිහඬයි (පද රචනය : කුලරත්න ආරියවංශ)

ඉහත දැක්වෙන්නේ ශ්‍රී ලාංකීය හදවත් තුළ නොමැකෙන ගීත රාශියක තනු නිර්මාණය කළ මහා සංගීතඥයෙකුගේ නික්ම යාම පිළිබඳ සමාජ ජාල තුළ පළවී තිබූ අදහස්ය.

එච්.එම් ජයවර්ධනයන්ගේ නික්ම යාම පිළිබඳ කලාවට ලැදි පිරිස් සහ කලා ලෝකයේ පතාකයන් වෙතින් ද ශෝකය පළ වෙමින් පවතී.

මේ රික්තකය පුරවන්න කිසිවෙකුට බැරි වෙනවා. අමරදේව සර්ගේ ඉඳලා ගීත ශිල්පීන් ඔසවා තැබීමට එච්.එම් ජයවර්ධනගේ ගී තනු හුඟක් උපයෝගී වුනා,නන්දා මාලිනී

ඔහු, සිය ආදරණීය බිරිඳ මාලනී බුලත්සිංහල මෙන් ම ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ගායන ශිල්පීන් රැසක් වෙනුවෙන් ගී තනු නිර්මාණය කළ සංගීතවේදියෙකි.

ඒ අතරින් නන්දා මාලිනී, සුනිල් ආරියරත්න සහ එච්.එම් සුසංයෝගයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.

“ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ… ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කාලේ..” නන්දා මාලිනිය එච්.එම් පිළිබඳ මතකය අවදි කළේ ලාංකීය සරල ගීතයේ සුවිශේෂී ලකුණක් වූ ගීතයකිනි.

“මම එච්.එම් ජයවර්ධන පළමුව දැක්කේ ගුවන් විදුලියේ. ඊට පස්සේ මම සහ සුනිල් ආරියරත්න සර් අලුත් තනු නිර්මාණය කරන අය පිළිබඳ විමසිල්ලෙන් හිටියා. ඒ අතරේ තමයි එච්.එම් ජයවර්ධන සංගීත අධ්‍යක්ෂකවරයා හමු වුණේ,”

“මොකද ඔහුගේ විශිෂ්ඨ ගණයේ ගීත නිර්මාණ කීපයක් ඒ වන විට අපට අසන්න ලැබුණා. විශේෂයෙන් ටී.එම් ජයරත්නයන්ගේ රත්තරන් ඇස් දෙකින්, ඔබ හා මෙමා වගේ ගීත,”

“ඊට පස්සේ මම සහ සුනිල් ආරියරත්න සර් ඔහු හමු වෙලා ගීතයක් හදලා දෙන්න කියලා කිව්වා. ඒ ගීතය තමයි ඔබයි රම්‍ය සඳ කිරණ කියන ගීතය, එහි ගද්‍ය කොටසක් තිබෙනවා. ඒ ගද්‍ය කොටසත් එක්ක තනුවක් නිර්මාණය කිරීමේ අභියෝගයට ඔහු මුහුණ දුන්නා “

අභියෝගාත්මක ගීතයක් වූ එය පසුව සුවිශේෂී නිර්මාණයක් ලෙස සාර්ථකත්වයට පත් වූ බව නන්දා මාලිනිය කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

නන්දා මලිනියන් පවසන පරිදි එච්.එම් ජයවර්ධනයන් විසින් නිර්මාණය කරන ලද තනු අතරින් වැඩි සංඛ්‍යාවක් ගායනය කර ඇත්තේ ඇය විසිනි.

“ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ…

පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ….

කඩ මන්ඩියේ දොළ අයිනේ ඔබව පෙනේ…

විලක් වුනත් නිල් දිය පිරි විලක් නොවේ …

ප්‍රේමය නම් සඳ එළිය සේ අචින්ත්‍යයි

මා හඬනා කඳුළු ගලා හැඩු කඳුළු සාගරේ...

“මේ ගීත තනුවල ආකෘති හරි වෙනස්. ඒ ගීත තනුවල අනන්‍යතාව එච්. එම් ජයවර්ධනගේමයි. ඒවායේ වෙන ඡායාවක් නැහැ.”

දශක පහකට එහා යන සිය සංගීත දිවියේ අදටත් ඉතා ශක්තිමත්ව රසිකයාගේ ආදරය ලැබීමට පදනම සැකසී ඇත්තේ විශිෂ්ඨ තනු නිර්මාණ සහ විශිෂ්ඨ ගේය පද නිර්මාණ නිසා යැයි නන්දා මලිනිය පවසන්නීය.

nanda malini

“මේ ණය ගෙවන්න අපට බැහැ. අප ජීවත් වන්නේ ඒ අය නිසා. එච්.එම් ජයවර්ධන කියන විශිෂ්ඨ ගණයේ ඉතාමත් නිහතමානී නිහඬ පුද්ගලයාගේ මේ වියෝව අපට දරා ගන්න බැහැ”

“මේ රික්තකය පුරවන්න කිසිවෙකුට බැරි වෙනවා. අමරදේව සර්ගේ ඉඳලා ගීත ශිල්පීන් ඔසවා තැබීමට එච්.එම් ජයවර්ධනගේ ගී තනු හුඟක් උපයෝගී වුනා,” නන්දා මාලිනිය වැඩිදුරටත් පැවසීය.

සංගීත ශිල්පී කසුන් කල්හාරගේ පියා වන එච්.එම් ජයවර්ධන මෙලොවින් සමුගන්නා විට හැට නව වෙනි වියේ පසුවිය.

(BBC සිංහල සේවය)

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*