රාජ්‍ය විරෝධී ලිපි මධ්‍යම තැපෑල හරහා තොග වශයෙන් යවනවාද..?
පොලීසිය ලිපිය සඟවා ගෙන සිටින්නේ කවුරුන් ආරක්ෂා කරන්නද..?
මහ සංඝ රත්නයට රාජ්‍ය විරෝධී ලිපි යවන සිරිතක් තිබෙනවාද..?
(සුජිත් මංගල ද සිල්වා)
රාජ්‍ය විරෝධී යැයි කියන ලිපියත් හැකි නම් වහාම ජනතාව වෙත මුදා හරින්නැයි පොලීසිය ඇතුළු බලධාරීන්ට තමා යළි යළිත් අභියෝග කර සිටින්නේ යැයි සභා නායක ලක්ෂමන් කිරිඇල්ල මහතා අවධාරණය කර සිටියි.
රටේ හදිසි නීතිය ද තිබෙන අවස්ථාවක රාජ්‍ය විරෝධී ලිපි මධ්‍යම තැපෑල හරහා තොග වශයෙන් බෙදා හරින්නේ කවුරුන්දැයි ප්‍රශ්න කළ ලක්ෂමන් කිරිඇල්ල මහතා දේශපාලන කෝණයකින් බලා පොලීසිය මේ සිද්ධියේදී ක්‍රියා කළේ නායකයින්ගෙන් ලකණු ගැනීමේ අරමුණින් යැයි ද චෝදනා කළේය.
සභා නායක ලක්ෂමන් කිරිඇල්ල මහතා මේ බව පැවසුවේ රාජ්‍ය විරෝධී යැයි කියන ලිපි තොගයක් රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකයේ නිලධාරීන් තිදෙනෙකු කොළඹ,කොටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් “lankanewsweek” කළ කරුණු විමසීමකට පිළිතුරු දෙමිනි.
ජන මාධ්‍ය ඔස්සේ පළ වන ආර්ථික,දේශපාලනික,සමාජ සහ සංස්කෘතික වශයෙන් රටට ජනතාවට වැදහත් ලිපි මහා සංඝ රත්නය සහ ජනතාව අතර බෙදා හරින ලෙසට මම මගේ මාධ්‍ය ඒකකයට උපදෙස් දී තිබෙනවා.
කොළඹ,කොටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගැනුණු මගේ මාධ්‍ය ඒකකයේ නිලධාරීන් තිදෙනාස,රාජ්‍ය විරෝධී යැයි පොලීසිය හුවා දැක්වීමට උත්සහ කරන අදාළ ලිපිය බෙදා හැරීමට කටයුතු කර තිබුණේ ඒ අනුවයි.
ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක හේතූන් මත කොළඹ, ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යංශ කාර්යාලයට නොපැමිණ නිවසේ සහ පාර්ලිමේන්තුවේ සිටිමින් රාජකාරි කටයුතු කළ නිසා මේ කියන ලිපිය ඇත්ත වශයෙන්ම මම දැක්කේ නැහැ.
කෙසේ නමුත් රාජ්‍ය විරෝධී ලිපි තොගයක් සමග මාගේ අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකයේ නිලධාරීන් තිදෙනෙකු කොළඹ,කොටුව පොලීසිය මගින් අත්අඩංගුවට ජන මාධ්‍ය ඔස්සේ ප්රවෘත්ති පළ වූ විගස මම කළේ මේ කියන ලිපිය වහාම ගෙන්වා ගෙන බැලීමයි.
ලොව පිළිගත් ප්රවෘත්තිමය අන්තර් ජාල වෙබ් අඩවියක් වන www.colombotelegraph.com යන වෙබ් අඩවියේ 2019.04.28 වැනිදා පළ වූ ඉංග්‍රීසි ලිපියක සිංහල පරිවර්තනයක් වූ එම ලිපිය රාජ්‍ය විරෝධී හෝ දේශද්‍රෝහී හෝ ජාති ද්‍රෝහී හෝ ජාති සහ ආගම් අතර අසමගිය ඇති කර වන එකක් නොවන බව පාර්ලිමේන්තුවේ සභා නායකවරයා වගේම අධි නීතීඥයෙකු ලෙස මම වගකීමෙන් යුතුව කියා සිටිනවා.
රටේ හදිසි නීතිය ද පවතින අවස්ථාවක රාජ්‍ය විරෝධී ලියැවිල්ලක් තොග පිටින්ම තැපැල් මගින් බෙදා හැරීම සඳහා කොළඹ,මධ්‍යම තැපැල් හුවමාරුවට රැගෙන යනවා ද..?
ඒ වගේම මේ සියලු ලිපි යොමු කර තිබුණේ මහා නුවර දිස්ත්‍රික්කයේ මහා සංඝ රත්නය වෙතයි.මහා සංඝ රත්නය වෙත, රාජ්‍ය විරෝධී හෝ දේශද්‍රෝහී හෝ ජාති ද්‍රෝහී හෝ ජාති සහ ආගම් අතර අසමගිය ඇති කර වන හෝ ලියවිලි යවන්න මගේ කාර්ය මණ්ඩලයේ කිසිවෙකුට පිස්සු නැහැ.ඒ වගේම ඒ තරුණයින් තිදෙනාම මහා නුවර දිස්ත්‍රික්කයේ පදිංචි හොඳ සිංහල බෞද්ධ තරුණයින් බව කිව යුතුයි.
දේශපාලන කෝණයකින් බලා, පොලීසිය මේ සිද්ධියේදී ක්‍රියා කළේ දේශපාලන නායකයින්ගෙන් ලකුණු ගැනීමේ අරමුණ ඇතිව බව ඉතාම පැහැදිලියි.
සැකකරුවන් සමග අත්අඩංගුවට ගන්නා බෝම්බ,තුවක්කු,පිස්තෝල,පතොරම්,කඩු සහ කිණිසි ආදිය ජන මාධ්‍ය ඔස්සේ මහ ජනතාව වෙත ප්‍රදර්ශනය කරන පොලීසිය රට ගිණි තබන රාජ්‍ය විරෝධී යැයි කියන මේ ලිපිය රටට ජනාතවට ප්‍රදර්ශනය නොකරන්නේ ඒ නිසයි.
මේ සිද්ධියේදී මගේ නම ද,අත්අඩංගුවට ගත් මාගේ මාධ්‍ය ඒකකයේ නිලධාරීන් තිදෙනාගේ නම් ද හෙළි කළා වගේ රාජ්‍ය විරෝධී යැයි කියන මේ ලිපියත් හැකි නම් ජනතාව වෙත මුදා හරින්න යැයි මම පොලීසියට අභියෝග කළා.
එහෙත් එම ලිපිය රට-ජනතාව වෙත මුදා හැරීමට පොලීසිය මේ වන තුරුත් අසමත් වී සිටිනවා.මේ ලිපිය ඇත්තටම රාජ්‍ය විරෝධී නම් ජනතාවගේ දැන ගැනීම සඳහා පොලීසිය ඒ බව හෙළිදරව් නොකරන්නේ ඇයි..?ජනතාවට ප්‍රදර්ශනය නොකර පොලීසිය එම ලිපිය සඟවා ගෙන සිටින්නේ ඇයි..?පොලීසිය ජනතාවගෙන් මෙසේ වසන් කිරීමට උත්සහ දරන්නේ එම ලිපියේ තිබෙන කිනම් කරුණු ද..? ඒ කරුණු ජනතාව අතරට ගියොත් අපහසුතාවයට පත් වන්නේ කවුරුන්ද..?
ඒ අනුව මම පොලීසිය ඇතුළු බලධාරීන්ට යළි යළිත් අභියෝග කර සිටින්නේ රාජ්‍ය විරෝධී යැයි කියන මේ ලිපියත් හැකි නම් වහාම ජනතාව වෙත මුදා හරින ලෙසයි.
Lanka Newsweek © 2024