රාජ්‍ය බැංකු කඩා වැටෙන ලකුණු..!

Spread the love

ගනුදෙනුකරුවන් අනතුරේ..!

බැංකු තවමත් මහින්ද රාජපක්ෂ කල්ලිය යටතේ..!

අගමැති-මුදල ඇමති මර නින්දේ..!

අලුත් සභාපතිවරුන්-අධ්‍යක්ෂකවරුන් තවමත් නැහැ..!

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පෙරමුණු තනි ආණ්ඩුව පිහිටුවා අදට (05) දින 51ක් සම්පූර්ණ වන නමුත්, ආර්ථිකයේ කොඳු නාරටිය බඳු රාජ්‍ය බැංකු සඳහා සභාපතිවරුන් ප්‍රධාන අධ්‍යක්ෂක මණ්ඩල පත් කර ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් මේ වන තුරුත් අසමත් වී සිටින තත්ත්වය හමුවේ රාජ්‍ය බැංකු පද්ධතිය මුළුමනින්ම කඩා වැටී අකර්මන්‍ය වීමේ බරපතළ අනතුරකට මුහුණ පා සිටියි.

මේ රාජ්‍ය බැංකුවල තවමත් ක්‍රියාකාරීව සිටිමින් එම බැංකු සහ රටේ ආර්ථිකයට අදාළව තීන්දු තීරණ ගන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා සිය දින පනස් එකට සීමා වූ නීති විරෝධී සහ ඊනියා ආණ්ඩුව යටතේ ඔහු පත් කළ අධ්‍යක්ෂක මණ්ඩල වේ.

මහින්ද රාජපක්ෂ පාර්ශවය නියෝජනය කරන මේ අධ්‍යක්ෂක මණ්ඩල, රාජ්‍ය බැංකු සහ රටේ ආර්ථිකය වෙනුවෙන් ගන්නා තීන්දු තීරණවලට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් ඇමති මංගල සමරවීර යන මහත්වරුන් අනාගතයේදී වගකීමට සුදානම් දැයි ආර්ථික සහ මුල්‍ය විශේෂඥයෝ ප්‍රශ්න කර සිටිති.

මහින්ද රාජපක්ෂ පාර්ශවයේ නියෝජිතයින් රාජ්‍ය බැංකු සහ රටේ ආර්ථිකයට අදාළව ගන්නා තීන්දු තීරණවලට වග කියන්න සුදානම් නම් රනිල් වික්‍රමසිංහ මහතා කළ යුතුව තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාටම ආණ්ඩුව කර ගෙන යන්න ඉඩ හැරීම යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

මහින්ද රාජපක්ෂ මහතා සිය නීති විරෝධී සහ ඊනියා ආණ්ඩුව යටතේ පැය විසි හතරක් ඇතුළත සියලු ආයතනවල සිටී එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් පන්නා සිය හිතවතුන් ඒ සඳහා දේශපාලනය කරමින් ඒ අයගේ පාක්ෂිකයින්ට සහ ආධාරකරුවන්ට සැලකීම ආරම්භ කළා නම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දින 51ක් ඉක්ම යමින් තිබියදී පවා ඒ තීන්දු තීරණ ගෙන පාක්ෂිකයින්ට සාධාරණය ඉටු කිරීමට නොහැකි මන්දැයි ප්‍රශ්න කර සිටින එම දේශපාලන විචාරකයෝ මෙමගින් සිදු වන්නේ එක්සත් ජාතික පාක්ෂිකයින් තව දුරටත් කලකිරීම සහ උකටලී වීම යැයි ද එම තත්ත්වය දේශපාලනික වශයෙන් එක්සත් ජාතික පක්ෂයට අවාසිදායක යැයි ද පෙන්වා දුන්හ.

රාජ්‍ය බැංකු ඇතුළු මුල්‍ය ආයතනවල උද්ගත වී තිබෙන මේ තත්ත්වය සම්බන්ධයෙන් වයඹ විශ්ව විද්‍යාලයේ වාණිජ්‍ය සහ මුල්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතාගෙන් “lankanewsweek” කළ විමසීමකදී ඔහු මෙසේ සඳහන් කළේය.

“රාජ්‍ය බැංකු ඇතුළු මුල්‍ය ආයතන කයන්නේ රටක ආර්ථිකයේ කොඳු නාරටිය වන නිසා එම පද්ධතිය පිළිබඳව ලෝකයේ ඕනෑම රටක් සහ ආණ්ඩුවක් දක්වන්නේ ඉතා සුවිශේෂී අවධානයක් බව කිව යුතුයි.2008-10 වකවානුවෙදී ඇති වූ සහ අදටත් පවතින  ලෝක ආර්ථික අර්බුදයට මුල් වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන පෙළේ බැංකු කිහිපයක් කඩා වැටීම නිසයි.

2018 දෙසැම්බර් 16 වැනිදා එක්සත් ජාතික පෙරමුණු නව ආණ්ඩුව පිහිටුවා මසකට අධික කාලයක් ගත වී ඇති නමුත් මේ වන තුරුත් රාජ්‍ය බැංකු සඳහා අධ්‍යක්ෂක මණ්ඩල අලුතින් පත් කර නැහැ.

ඒ බොහෝ බැංකුවල තවමත් සිටින්නේ 2018 ඔක්තෝබර් මස 26 වැනිදා ගොඩනැගු මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව යටතේ ඔහු පත් කළ අධ්‍යක්ෂක මණ්ඩලයි.

සාමාන්‍ය සම්ප්‍රදායට අනුව ආණ්ඩුවක් නොව එකම ආණ්ඩුව යටතේ විෂය භාර අමාතවරයා මාරු වුණත් රාජ්‍ය බැංකු සහ මුල්‍ය ආයතනවල සභාපතිවරුන් ප්‍රධාන අධ්‍යක්ෂක මණ්ඩල ඒ මොහොතේම ප්‍රතිපත්ති ගරුකව ඉල්ලා අස් වන අතර ඉතා ඉක්මනින්ම නව සභාපතිවරුන් සහ අධ්‍යක්ෂක මණ්ඩල පත් පත් කෙරෙනවා.

මේ වන විට රාජ්‍ය බැංකුවල නොගෙවන ණය ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස විශාල වශයෙන් වැඩි වී තිබෙන අතර ඊට හේතු වී තිබෙන්නේ එම බැංකු සඳහා නව අධ්‍යක්ෂක මණ්ඩල මේ වන තුරුත් පත් නොකර සිටීමයි.

නව අධ්‍යක්ෂක මණ්ඩල පත් නොකිරීම හේතුවෙන් බැංකු අකර්මන්‍ය වුණාම බැංකුවේ ණයකරුවන් බොහෝ විට කරන්නේ ණය ගෙවීම පැහැර හැරීමයි.ඒ මන්ද නීත්‍යානුකුල නව අධ්‍යක්ෂක මණ්ඩල බැංකුවල නොමැති නිසා මේ ණය නොගෙවීමට එරෙහිව ඒ අයට එරෙහිව නීතිමය ඇතුළු පියවර ගැනීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට බැංකුවලට හැකියාවක් නොමැති බව ඒ අය දන්නවා.

මේ බැංකුවල නීත්‍යානුකුල අධ්‍යක්ෂක මණ්ඩල නොමැති වුණාම විශාල ප්‍රමාණයේ ණය සහ බැංකු අයිරා අනුමත කිරීමට අනුමත කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වනවා.

ඉදි කිරීම් ඇතුළු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ බොහෝ සමාගම් කරන්නේ බැංකුවලින්ම ණය ගෙන ඒ අයගේ බැංකු ණය පියවමින් සිය ව්‍යාපාර ඉදිරියට ගෙන යාමයි.ඊට හේතු වී තිබෙන්නේ ඒ අය කරන ව්‍යාපාරික කොන්ත්‍රාත්තු වෙනුවෙන් ඒ අයට රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශවලින් අදාළ ගෙවීම් ලැබෙන්නේ නිශ්චිත කාලයකට පසුව වන නිසයි.

එවැනි පසුබිමක ඒ ව්‍යාපාරිකයින්ට ඒ අයගේ අදායම් ලැබෙන තුරු ව්‍යාරික කටයුතු කර ගෙන යන්න සහ ඒ අයගේ බැංකු ණය ගෙවීමට බැංකුවලින් ණය සහ බැංකු අයිරා ගැනීමට නොහැකි වුණාම සිදු වන්නේ ඒ අයට ඒ අයගේ ණය ගෙවීමට නොහැකිවීමයි.

එවිට සිදු වන්නේ රාජ්‍ය බැංකු පද්ධතියේ නොගෙවන ණය ප්‍රමාණය හෙවත් අක්‍රීය ණය ප්‍රමාණය වැඩිවී එම බැංකු ජාත්‍යන්තර ශ්‍රේණි ගත කිරීම්වලින් පහත වැටීමයි.

එසේ වුණාම සිදු වන්නේ ජාත්‍යන්තර වෙළඳ පොළෙන් රටක් ලෙස අප ණය ගැනීමට ගියාම ඒ ණය සඳහා අතිරේක පොලියක් ගෙවීමට අපට සිදු වනවා.එවිට පෙරළා ඒ අවාසිය ඍජුව බලපාන්නේ අපේ රටේ ආර්ථිකයට වන අතර ඒ බර පැටවෙන්නේ ජනතාවටයි.”

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*