පුපුරණ ද්‍රව්‍ය අඩංගු බවට සැක කරන ලොරි රථයක් සහ කුඩා වෑන් රථයක් පිළිබඳව තොරතුරක් කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලාබී තිබෙන අතර ඒ අනුව මේ වන විට කොළඹ නගරයේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, තව ද පොලිස්පතිවරයා විසින් නීති විරෝධී කටයුතුවලට යොදා ගත හැකි බවට සැක කෙරෙන තවත් වාහන කිහිපයක් සම්බන්ධයෙන් දිවයිනේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව ය.
තව ද යතුරු පැදි 5ක්, කැබ් රථයක් හා වෑන් රථයක් සම්බන්ධයෙන් සියලුම පොලිස් ස්ථාන පොලිස්පතිවරයා විසින් දැනුවත් ඒවායේ ලියාපදිංචි අංක සහිතව පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය
Lanka Newsweek © 2024