නෙදර්ලන්තයේ ත්‍රස්ත්‍ර ප්‍රහාර බුද්ධි අංශ මැඩලයි..!

Spread the love

නෙදර්ලන්තයේ ප්‍රධාන නගර ඉලක්ක කර දියත් කිරීමට සැලසුම් කර තිබු  ප්‍රබල ත්‍රස්ත ප්‍රහාර මාලාවක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට නෙදර්ලන්ත  ආරක්ෂක අංශ සමත්වී තිබේ.

නෙදර්ලන්තයේ අර්නීම් නගරයේදී පුපුරණ ද්‍රව්‍ය, බෝම්බ සහ ගිනිඅවි සමග පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්වීමෙන් පසු මේ  පිළිබඳ තොරතුරු අනාවරණය ගැනීමට සමත් වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබේ.

නෙදර්ලන්ත විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් කළ වැටලීමකදී   සැකකරුවන් අත්අඩංගුවට ගෙන  කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබුණේ, ඔවුන් AK47 වර්ගයේ ගිනිඅවි, පුපුරණ ද්‍රව්‍ය සහ අත්බෝම්බ යොදා ගනිමින් ප්‍රහාරය දියත් කිරීමට සැලසුම් කර ඇති බව ය.

ප්‍රධාන නගරයක් කේන්ද්‍ර කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් සහ වෙඩි ප්‍රහාරයක් එකවර සිදු කිරීමට ප්‍රහාරකයින්ගේ ඉලක්කය වී තිබු අතර  තවත් ස්ථානයක මෝටර් රථ බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ඔවුන් සැලසුම් කර තිබිණි.

 2014 වසරේ අප්‍රේල් මාසයේ බුද්ධි අංශවලට වාර්තා වූ තොරතුරක් පදනම් කර ගනිමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ බව නෙදර්ලන්ත ආරක්ෂක අංශ පවසයි.

එහි ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් අත්අඩංගුවට ගැනුණු අතර ඉන් සිදුවීමට ගිය විශාල විනාශයක් වළක්වා ගැනීමට හැකි වූ බව ද  ආරක්ෂක අංශ පවසයි.

කෙසේ වෙතත් ත්‍රස්ත ප්‍රහාර සැලසුම අනාවරණය වීමත් සමග ආරක්ෂාව තර කිරීමට නෙදර්ලන්ත රජය පියවර ගෙන ඇති බව විදේශ මාධ්‍ය සඳහන් කරයි..

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*