විකෘත්ති මානසිකත්වයක ප්‍රතිඵලයක්..!
(සුජිත් මංගල ද සිල්වා)
යමෙකුගේ පුද්ගලිකත්වය සිය අදායම් මාර්ගය බවට පත් කර ගන්නා පුද්ගලයින් ශිෂ්ඨ සම්පන්න සහ දියුණු සමාජය සලකන්නේ පහත් මානසික තත්ත්වයක් සහිත පුද්ගලයින් ලෙස යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා අවධාරණය කර සිටියි.
සිය “facebook” පිටුවේ විශේෂ සටහනක් තබමින් ඔහු මේ බව අවධාරණය කර සිටින්නේ ජනප්‍රිය ගායන ශිල්පී ඉරාජ් වීරරත්න මහතාගේ මන්ද මානසිකත්වය,අව සංස්කෘතික උරුමයන් සහ පටු දේශපාලනය ගැන මනෝ විශ්ලේෂණයක යෙදෙමිනි.
ඉරාජ් වීරරත්න මහතාව මෙසේ මනෝ විශ්ලේෂණය කරමින් නවීන් දිසානායක මහතා සිය “facebook” පිටුවේ මෙවැනි සටහනක් තබා තිබෙන්නේ “සුරත” වීඩියෝව මගින් ඉරාජ වීරරත්න මහතා එක්සත් ජාතික පක්ෂයට සහ එහි නායකයින්ට එල්ල කර ඇති දේශපාලන මඩ ප්‍රහාරය මත පදනම්වය.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අන්තේවාසිකයෙකු සහ එහෙයියෙකු වන ඉරාජ් වීරරත්න මහතා මීට පෙර අවස්ථා ගණනාවකදී ද මතවාදී තලයෙන් ඔබ්බට ගොස් සංගීත කලාවට මුවාවී අවර ගණයේ විවිධ නිපැයුම් මගින් එක්සත් ජාතික පක්ෂයට සහ එහි නායකයින්ට දේශපාලන මඩ ප්‍රහාර එල්ල කර තිබිණ.
ජාතිය,අගම සහ ලිංගිකත්වය හුවා දක්වමින් සිය පැවැත්ම වෙනුවෙන් ප්‍රතිවාදීන්ට එමගින් ප්‍රහාර එල්ල කර ජන සමාජයේ කැපී පෙනීමට උත්සහ කරන්නේ මතවාදීමය වශයෙන් දරිද්‍රතාවයෙන් පෙළෙන භින්න වූ පෞර්ශයකින් යුතු විකෘති මිනිසුන් බව මනෝ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඉරාජ් වීරරත්න මහතාගේ මවා ගත් හුදු ජනප්‍රියත්වය හමුවේ බිය නොවී ඔහුගේ මානසිකත්වය සම්බන්ධයෙන් මෙසේ එඩිතර විවේචනයක් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතාට සිය ස්තුතිය පුද කරන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සහ තරුණ මන්ත්‍රීවරුන් වගේම එම පක්ෂයට සම්බන්ධ තරුණ තරුණියෝ “lankanewsweek” සමග පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා,ඉරාජ් වීරරත්න මහතා සම්බන්ධයෙන් කළ විවේචනය සහ ඔහු පෙරළා නවීන් දිසානායක මහතාට දැක්වූ ප්‍රතිචාරය සමාජ මාධ්‍ය ජාලා සහ අන්තර් ජාල වෙබ් අඩවි මේ වන විට ගිණියම් කරමින් තිබේ.
ඉරාජ් වීරරත්න මහතාගේ “සුරත” වීඩියෝව සම්බන්ධයෙන් නවීන් දිසානායක මහතා සිය “facebook” පිටුවේ තබා ඇති සටහන මෙසේය.
“මාගේ දෙමව්පිය අභාෂයෙන්, නිතැතින්ම කලාකාමී නිර්මාණවලට නිරන්තර අත හිත ලබා දෙන පුද්ගලයකු ලෙස මේ සටහන ලිවීමට මුලික පදනම වනුයේ ඉරාජ් වීරරත්න නම් පුද්ගලයා විසින් මැතකදී නිකුත් කර ඇති නිර්ලජ්ජිත වීඩියෝවයි.
අප ශ්‍රී ලංකික ජාතියක් විදිහට අනුකම්පාවෙන් අනෙකා දිහා බැලීමට හුරු වී ඇත්තෙමු, නමුත් සැම දෙයටම සීමාවක් තිබිය යුත්තේ මෙය ඔහුගේ පළමු අවස්ථාව නොවන බැවිනි.
අනෙකුන්ගේ පුද්ලිකත්වය ඔහුන්ගේ අදායම් මාර්ගය කර ගන්නා පුද්ගලයන් සමාජයක සලකන්නේ පහත් මානසික තත්ත්ව ඇති පුද්ගලයන් ලෙසය. තව නොබෝ දිනකින් අප පවත් වන්නට යෙදෙන සිංහල හින්දු අවුරුද්ද අබියස සිටිමින් මෙවන් වීඩියෝවක් නිකුත් කිරීම තුළම ඔහුගේ යටි අරමුණු මනාවට පැහැදිළි වෙයි.
දේශප්‍රේමය තම දේශපාලනය කර ගත් දේශපාලන කණ්ඩායම් තුරුලේ සිටිමින් ඔබගේත් මගේත් දරැවන්ගේ අනාගතය හීන කිරීමට සැරසෙන මෙවන් දුර්වලයන් හදුනා ගනිමු.
අප ශ්‍රී ලංකික ජාතිය අතීතයේදී නොයෙකුත් තාඩන පීඩනවලට ගොදුරු වුවද තවමත් නොසැලී ඉන්ද්‍ර කිලයක් සේ නැගී සිටියි. මෙවන් පුද්ගලයන් කෙරෙහි තව දුරටත් අප නිහඩව සිටිය යුතු නැත. ඔබගේ දරුවාගේත් අපේ අනාගත පරපුරේත් මතු ආරක්ෂාව හා සුභ සිද්ධිය වෙනුවෙන් අප මේවන් දේ ප්රත්ක්ෂේප කරමු, අප අනාගත පරපුරට සුරක්ෂිත සමාජීය තත්ත්වයක් ගොඩනගමු. අපි නැගී සිටිමු. ශක්තිමත් ජාතියක් ලෙස තම අනන්‍යතාවය සුරකිමින් මතු පරපුරට සුරක්ෂිත හෙට දවසක් උරුම කරමු”
Lanka Newsweek © 2024