දිවැස් තිබූ ඩී.එස්…!

Spread the love

(අහුන්ගල්ලේ දේ.සු. ද සොයිසා)

ඞී.ඇස්. සේනානායක ශී ‍්‍රමතාණන්ගේ  රුවත්, පුලතිසි පුර මහ පැරකුම් නරේශ්වරයාණන්ගේ රුවත් එකට තබා බැලූ කළ මේ දෙකින්ම පිළිබිඹු වන්නේ එකම අයෙකු නොවෙදැයි සිතන්නට ඔබටත් මටත්පුළුවන.

මෙම දෙදෙනාම රාජ්‍ය කළ හැටි, ආර්ථිකය ගොඩනැඟූ අයුරු අනාගතය දුටුඅයුරු ජන ජීවිත සමෘද්ධිමත් කළ අයුරු මේ සියල්ල එක් වූ දෙදෙනාගේ දර්ශනයන් තුළ ඇති සමානකම අපට ගෙන එන්නේ සමාන තත්ත්වයකි. සැබැවින්ම මහ පැරකුම්බාවන්ගේ යළි පුනරාගමනය  ඞී.ඇස්. යැයි සිතීම වරදක් නොවේ යැයි මට දහස්වර සිතේ. මධ්‍යම කඳුකරයේ වතු කම්කරු දෙමළ ජනතාවට අප රට තුළ ඡන්ද බලය ලබාදෙන ලෙස ඉන්දීය ආණ්ඩුව ඞී.ඇස්. ට බලපෑම් කළෝය. දෙවනුව තර්ජනයක් ද කළෝය.

ඔවුන් තර්ජන ස්වරයෙන් ප ‍්‍රකාශ කර සිටියේ ඡන්ද බලය වතු කම්කරුවන්ට ලබා නොදෙන්නේ නම් ඉන්දියාවෙන් අප රටට ලබා දෙන සහල් පිරිනැමීම නවතා දමන්නට සිදුවන බව ය. එම තර්ජනය හමුවේ ඞී.ඇස්. ඉන්දීය රජයට මෙසේ දන්වා සිටියේ ය.

“ලක්වැසි සියලූම ඉන්දීයනට පුරවැසිකම හා ඡන්ද බලය නොදුනහොත් අපට සහල් ලබා නෙදෙන බව ඔබලා කියති. සහල් නොමැතිවීම නිසා මගේ ජාතියෙන් කොටසක් මිය යෑමට පුළුවන. එනමුත් ඉතිරි කොටසින් මාගේ ජාතිය බේරාගන්නවා මිස බත්බතට මාගේ ජාතිය විකුණන්නේ නැතැ යි මම ඉන්දියාවට දන්වනවා’’

එතුමා කියා සිටියේ රටේ පාලකයා වශයෙන් පමණක් නොව ජාතියේ මහා ආරක්ෂකයා ලෙසිනි. මේ රටේ ජනතාව එදා තම ජාතියේ පියාගෙන් බලාපොරොත්තු වූයේ ද එවන් අභිමානයක්, රැකවරණයක් මිස නෝන්ජල් යටත් වීමක් නොවන බව ඉන්දියාව ද දැන ගත්තේ ය. අවබෝධ කර ගත්තේ ය.

ඞී.එස්. අධ්‍යාපනය ලබන්නට එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ්ම්බිජ්  විශ්වවිද්‍යාලයට ගියේ නැත. අධ්‍යාපනය ලැබුවේ ගමේ පාසලෙන් හා නගරයේ  පාසලකිනි. ඒත් යන්තම් අටවන ශ්‍රේණියට පමණක් ය. නමුත් ඞී.ඇස්. ගේ ඇමැති මණ්ඩලයේ ඒ සියලූම විශ්වවිද්‍යාලවලින් උගත් අය ඇමැතිකම දරන ලදී. ඔවුන් ද හික්මවාගෙන විපක්‍ෂයේ සිටින එවැනිම උගතුන්ට මුහුණ දී ගෙන ඞී.ඇස්. රට පාලනය කළේ ඔටුණු නොපළන් රජ කෙනෙකු ලෙසිනි.

‘‘මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසු යයි’’ කියූ කීම ඞී.ඇස්. අකුරටම අර්ථවත් කළේ ය. ඒ අනුව මහජනයා ගේත් මහජන නියෝජිතයන් ගේත් සම්මතයෙන් ආසියාවේ ප‍්‍රථමයෙන්ම අගමැති ධූරයට පත් වූ රාජ්‍යතාන්ති‍්‍රකයා වූයේ ඞී.ඇස්. සේනානායක මහතා ය.

ඩි. එස්. සේනානායක මහතා දේශපාලනයට එන්න පෙරුම් පිරූ අයෙකු නොවීය.  ඔහුට  ඕනෑ වූයේ ඉංගි‍්‍රසි පාලකයන් රට තුළ වපුරන මත්පැන් ලක්බිමෙන් තුරන් කිරීමට ය. ඒ අනුව ගොඩනැඟුන අමද්‍යප ව්‍යාපාරය යටතේ  ඞී.එස්. කි ‍්‍රයා කළේ අමද්‍යප නායකයෙක් ලෙස ය. මෙසේ කටයුතු කරගෙන යන විට 1915 දී ඇති වූ සිංහල- මුස්ලිම් අරගලයේදී ඞී.ඇස්. අත්අඩංගුවට ගන්නේ එම කැරැල්ලට සම්බන්ධ වීමෙන් නොව අමද්‍යප ව්‍යාපාරයේ නායකයන් බිය ගන්වන්නට ඞී.ඇස්. ද ගොදුරක් කරගත යුතු නිසා ය.

1915 වසරේ සිදු වූ මෙම ජාතිවාදී අරගලයේ දී ඞී.ඇස්. ගේ  නිවසට පැමිණි මැරැටි හමුදා ඛාණ්ඩයක් සහිත ඉංගි‍්‍රසි සොල්දාදුවන් ඞී.ඇස්. අත්අඩංගුවට ගත්තේ සිව් වසරක් වයසැති ඩඞ්ලි වඩාගෙන සිටියදීය. මේ වන විට ඞී.ඇස්. ගේ  බිරිඳ වූ මොලි දුනුවිල මහත්මිය දෙවසරක් වූ කුඩා රොබට් සේනානායකට කිරි පොවමින් සිටියේය. බයිනෙත්තු සහිතව පැමිණි පිරිස තම ස්වාමිපුරුෂයා ඔවුන් විසින් රැගෙන යන විට ඇය සිත දිරිමත් කරගෙන ස්වාමියා දෙස බලා සිටියේ බියත්, සැකයත්, මුසු වූ වේදනාවෙනි.

“මම ආපසු එනවා බිය නොවන්න” යැයි ඇය අස්වැසූ ඞී.ඇස්. අවසානයේ නතර වූයේ වැලිකඩ සිරගෙදර ය.     

චෝදනා වලින් නිදහස් වී ඞී.ඇස්. ඊට පසුව නිවසට පැමිණියේ  මුළු රටම අධිරාජ්‍යවාදයෙන් නිදහස් කර ගැනීමේ දේශපාලන බීජය සිතේ  ගතේ  රෝපණය කර ගනිමිනි.

ඒ අනුව ඇරඹුණු ලංකා ජාතික සංගමයේ  උද්යෝගිමත් නායකයෙක් බවට ඞී.ඇස්. පත්වන්නේ තම සොයුරු ඇෆ්.ආර්. සේනානායක මහතාගේ  ආශිර්වාදය  හා මඟපෙන්වීම මත ය. 1920 දශකයේ ව්‍යවස්ථා දායක සභාවේ නියෝජිතයෙකු වශයෙන් නිදහස දිනාගන්නට පිඹුරුපත් සකස් කරන ජාතික නායකයන් සමඟ උරෙනුර ගැටී කි ‍්‍රයා කරන ඞී.ඇස්. සේනානායක මහතා ඩොනමොර් තත්ත්වය යටතේ 1931 දී පිහිටුවන ලද රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ මීරිගම මන්තී‍්‍රවරයා ලෙස පැමිණ කෘෂිකර්ම අමාත්‍ය පදවිය ලබන්නේ මේ රටේ ගොවි ජනතාවගේ වාසනාවට ය.

කෘෂිකර්ම ඇමැතිවරයා වූ ඞී.ඇස්. සිය මෙහෙවර මුදා හැරියේ පැරැණි වැව් පිළිසකර කිරිම, නව ගොවි ජනපද ව්‍යාපාර බිහි කිරීම වැනි නව කෘෂිකාර්මික සංවර්ධන යෝජනා ක ‍්‍රම ආරම්භ කරමිනි. ඒ අනුව ඇලහැර, මිනිපේ, කාගම, බකමූණ, මින්නේරිය ආදී නව ගොවි ජනපද ගොඩනැඟුණි.

උතුරු මැද, නැගෙනහිර පළාත්වල අභිනවයෙන් ආරම්භ වූ නව ගොවි ජනපද නොවූයේ නම් එකදු සිංහලයෙකු හෝ බෞද්ධයෙකු මේ වන විට එම ප‍්‍රදේශවල පදිංචි වී නොසිටින්ට ඉඩ තිබුණි. අති දුෂ්කර ප‍්‍රදේශවල ගොවි ජනපද ගොඩනඟන්නට ඞී.ඇස්. ගමින් ගමට පයින් ගියේ ය. මිණිපේ ගොවි ජනපද ව්‍යාපාර ගොඩනඟන්නට ගිය අයුරැ එවකට දුම්බර මන්තී‍්‍රවරයා වූ ඒ රත්නායක මහතා පවසනුයේ මේ අයුරිනි.

‘‘1933 අවුරුද්දේ මිණිපෙ සංවර්ධන ව්‍යාපාරය ඇරඹීම සඳහා ඞී.ඇස්. සේනානායක මහතාත්, මමත්, ජොන් කොතලාවල, ඩබ්ලිව්.ටී. බී.කරල්ලියද්දෙ, වෛත්‍යලිංගම් හා ඇල්.ජේ. ද ඇස්. සෙනෙවිරත්න යන අය සමඟමහියංගනයෙන් වේරගංතොට දක්වා අප වාහනයකින් ආවා. එතැන් සිට අලි, කොටි,වලසුන් ගහන මහ වනය මැදින් සැතපුම් 13ක් පමණ අපි පයින් ගොස් දැන් මිනිපේ වේල්ලබැඳල තිබෙන තැනට පැමිණියා. සවස 7.00 ට විතර වුණා. එතැන රඹුක්වැල්ල දිසාවේ මන්තී ‍්‍රවරයා විසින් අපට රාති ‍්‍ර නවාතැන් ගන්නට පැලක් අටවල තිබුණා. අපි රාති ‍්‍ර ගිනි මැලයක් දල්වා ගෙන රාති‍්‍ර ආහාරයකින් සප්පායම් වෙලා ගොවි ජනපද ආරම්භ කරන හැටි, අනාගතයේ රට ගොඩනඟන්න වුවමනා විදිය, රට නිදහස් කරගන්නා අයුරු, කතාකරමින් නිදි වරාගෙන හිටියා.

පාන්දර අවදි වෙලා මුහුණ කට සෝදාගෙන තම්බා ගත් අල බතල අනුභව කරල වනයේ ඇවිදිමින් ගොවි ජනපදය ගොඩනඟන්න පරීක්‍ෂා කළා.එයින්පසුව සවස යළි වේරගංතොටට එන්න පිටත් වුණා. රඹුක්වැල්ලේ දිසාව අපට නැගිල එන්න අලියෙක් අරගෙන ආවා. අපි හැමෝම අලියගේ පිටේ නැගල මහ වනය මැදින් එනවා. ඞී.ඇස්. වාඩිවෙලා හිටියේ අලියගේ නෙත්තිමාලය උඩ. අපි ගොඩක් දුර ඇවිත් අලියගේ පිටින් බැහැල අලිය සමඟ පයින් එනවා.

ඒ වුවත් ඞී.ඇස්. අලියගේ නෙත්තිමාලය උඩම වාඩි වෙලා ආවා.මෙහෙම එන විට ගසක අත්තක් කඩන්න අලිය හිස ඔසවල හොඬය ඉස්සුවා. මෙහෙම වෙලාවට නෙත්තිමාලය උඩ සිටින  ඕනෑම අයෙක් උඩුපල්ලෙන් අතට බිමට වැටෙනවා.

මේ වේලාවේ ඞී.ඇස්. උඩට ඔසවපු අලියගේ හොඬය බදාගත්තා. එහෙම බදාගෙන ඉඳලාඅලිය හොඬය පහළට දමන විට ඞී.ඇස්. බිමටබැසගත්තා. ඒක හරියට සර්කස් එකක් වගෙයි.ඒ රත්නායක මහතා පවසයි.ඞී.ඇස්. අලි පිට යන්න පුරුදු වී තිබුණේකුඩා කාලයේ සිට ය. අශ්වයන් පිට යන්නටත් ඞී.ඇස්. ඉතා ශූරය. පෝනියන් පිට පමණක්නොව බූරුවන්, මී ගවයන්, එලගවයන් පිටඋඩ නැඟ යන්නට ඔහු තරම් දක්ෂයෙක්ඞී.ඇස්. ගේ ගම් පළාත්වල ද සිට නැත.

මිනිපේ ගිය පිරිස වේරගංතොටට පැමිණඑදින රාති‍්‍ර නවාතැනේ නැවතී පසුදා මහියංගනය වදින්නට ගොස් ඇත. නටබුන් වී ඇතිමහියංගන සෑය දුටු ඞී.ඇස්. ජනපදිකයන්ට අනාගතයේදී වැඳ පුදා ගන්නට මහියංගණ චෛත්‍යයද ගොඩනඟන්නට ඉටා ගත්තේ ය. ඒ අනුව තමාගේ ප‍්‍රධානත්වයෙන් මහියංගන චෛත්‍යවර්ධන සමිතිය ගොඩනංවා එම කටයුතු ආරම්භ කිරීමට යුහුසුළු විය.

වර්ග සැතපුම් 20ක් වූ භූමි භාගයක මිනිපේ ගොවි ජනපදය නිර්මාණය කරන විට එයට ඇකුල් හෙළුවෝ මෙරට වාමාංශිකයන් ය. ඞී.ඇස්. කපුටන් තරම් මදුරුවන් සිටින කැලෑවලට මිනිසුන් ගෙන ගොස් මැලේරියාව බෝ කරනවා යැයි දෙස් දෙවොල් තැබූහ. තවලමට බල්ලන් බුරනවා සේ වාමාංශිකයන්ට මුහුණ දෙමින් ඉදිරියටම ගිය ඞී.ඇස්. මෙරට ජනතාවගේ ‘‘ජාතියේ පියා’’ බවට පත් විය.

ඞී.ඇස්. තුළ සිංහලකම හොඳට තිබුණි. නමුත් ඔහු ජාතිවාදියෙක් නොවීය. බෞද්ධකම ජීවිතය පුරාම තිබුණි. ලේබල් බෞද්ධයෙක් නොවීය. ටයි කෝට් ටොප් හැට් දැම්මත් හොඳ ගොවියෙක් විය. ඉංගි‍්‍රසි බස හොඳට දැනගෙන සිටියත් අමු සිංහලයෙන් ගැමි බසින් කතා කළහ. සමහර අලූත් ගොවි ජනපදවලට ගිය විට ගොවියන් වැරැදි ක‍්‍රමයට උදැල්ල නඟුල අල්ලාගෙන සිටියොත් ඞී.ඇස්. ඔවුන්ගේ ළඟට ගොස් උදැල්ල අල්ලන අයුරු, නඟුල අල්ලන අයුරු කියා දුන්නේ නියම ගොවියෙකු විලසිනි.

ලංකාවට නිදහස ලබාදෙන්නට නම් ගැමියනට ද ඉංගි ‍්‍රසි බස හසුරුවන්නට හුරු වී තිබිය යුතු යැයි ඉංගි‍්‍රසි පාලකයෝ සිංහල නායකයන්ට කොන්දේසියක් දැමීය. එයට කලබල නොවූ ඞී.ඇස්. කොළඹ නගරයේ පාසල්වල උගන්වන ඉංගි‍්‍රසි ගුරුවරු අනුරාධපුරයේ කුඹුරුවලට ගොවියන් ලෙස බස්සවා සුදු ජාතික නිරීක්‍ෂකයන් මුණගස්සවා ඉංගි‍්‍රසියෙන් කතාකරවා ඔවුන් ලවා කියෙව්වේ අපේ රටේ ගොවියන්ට ද හොඳට ඉංගි‍්‍රසි බස කතා කරන්නට හැකියාවක් තිබෙන බවයි.

ඞී.ඇස්. අරමුණ දිනාගන්නට උපක ‍්‍රමශීලි විය. ජාතිවාදීන්ට, ආගම්වාදීන්ට අප රට තුළ ඉදිරි ගමනක් නොමැති බව දුටු ඞී.ඇස්.සේනානායක මහතා සිංහල දෙමළ, මුස්ලිම්,මැලේ බර්ගර් හා සියලූ ආගම් නියෝජනය වන පරිදි එක්සත් ජාතික පක්‍ෂය පිහිටුවා වසර දෙකක් ලබන විට නිදහස දිනා ගන්නේ ඉතා ක‍්‍රමානුකූලව සිදු කළ මහා ව්‍යාපාරයක ප‍්‍රතිඵලයක් වශයෙනි.

එතුමන් රටට නිදහස ලබා දුන්නේ ය. ජාතියට නව ජාතික ධජයක්, ජාතික ගීයක් ලබාදෙන්නට කි‍්‍රයා කළේ ය. නව ජනපද කෘෂිව්‍යාපාර කර්මාන්ත බිහි කළා පමණක් නොවආර්ථිකය ශක්තිමත් කළෝය. මහජනතාවබඩගින්නේ නොතැබිය යුතු බවට නිතර නිතරඋපදෙස් දුන්නේ ය.

ජාතික, ආගමික, සමගිය,වර්ධනය කළේ තම ජාතියේ ගෞරවය,අයිතිය, බලය පාවා නොදෙමිනි. එතුමාරටට අනාගත පාලනය සඳහා නායකයන්රැසකගේ ගුරුවරයා විය. පුහුණුකරු විය.මාර්ගෝපදේශකයා විය. ඔහුගෙන් පසු මේරට පාලනය කළේ බොහෝ විට ඞී.ඇස්.ගේ ඇමැති මණ්ඩලයේ සිටි ඇමැතිවරුය.නැතිනම් එතුමාගේ මැති ඇමැතිවරුන් ගේදරුවන් ය.

ඔහු දිවංගත වී වසර 64ක් උදාවෙන විට ඞී.ඇස්. ගේ දේශපාලන දර්ශනය මල් ඵලගැන් වී ඇත. ඔහුගේ ආර්ථික දර්ශනය ද මල්ඵල ගැන්වෙනු නියතය.

වර්තමාන යහපාලන රජය ආරම්භ වූ මුල් කාලයේ ප්‍රධාන  පක්‍ෂ දෙකේම මාධ්‍ය සාකච්ඡා උත්සව රැස්වීම්වල පසුබිමේ ඞී.ඇස්.රුව සහ බණ්ඩානායක රුව ප‍්‍රදර්ශනය විය. දැන් ඒ සේයා රූ දෙකම ගැල වී ඇත.යළිත් එම රූ දෙකම රැස්වීම් වල පසුබිමේ  සියලූකටයුතුවල දී ප‍්‍රදර්ශනය කිරීම ඞී.ඇස්. සේනානායක ශී‍්‍රමතානන්ට සහ බණ්ඩානායක ශී‍්‍රමතාණන්ගේ යන දෙපළටම ලාංකීක ජනතාව කරන ගෞරවයක් වනු ඇත.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*