දිනන්න පුලුවන්ද..?

Spread the love

ජානකයි ෆොන්සේකයි පැරදුන හේතුව..!

මුසම්මිල්ට ගෝඨා පැරදුන හැටි..!

(උපුල් ජෝශප් ප්‍රනාන්දු)

යුද වීරයෙකු වූ ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව බණ්ඩාරනායක මැතිණියගේ ළඟම ඥාතියෙකි. ප්‍රේමදාස ජනාධිපතිවරයා ජවිපෙ මර්දනය කිරීමෙන් පසු ඊළඟ ජනාධිපතිවරණයනයේදී ප්‍රේමදාස පරාජය කරන්න කොබ්බෑකඩුව පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවට මැතිණියගේ සමීපතමයන්ගේ මතයක් තිබිණි.

කොබ්බෑකඩුව යුද්ධය ජයගෙන ශ්‍රිලනිප පොදු අපේක්ෂකයා ලෙස තමා සමග සටනට එන්න ඉව අල්ලන වන බවට ප්‍රේමදාසට ද කනින් කොනින් ආරංචි වී තිබිණි. මේ කියන කාලය වන විට ප්‍රේමදාසට එරෙහි දෝෂාභියෝගයක් ඉදිරිපත්පත් වී නොතිබිණි. ලලිත් සහ ගාමිණී ආණ්ඩුව තුළ සිට ඒ ගැන රහස් සාකච්ඡා කරමින් සිටියහ. දිනක් කොබ්බෑකඩුව ජනාධිපති අපේක්ෂකයා කරන යෝජනාව මැතිනියගේ කනට ආ විට මැතිනිය කීවේ අපූරු කතාවකි.

“හමුදා නායකයන්ට අපේ මිනිස්සු දේශපාලන නායකයන්ට වඩා ආදරෙයි. හැබැයි රටක් භාරදෙන්න බයයි.”

මේ ඇය කී කතාවය. ඇය කිව්වා හරියටම හරිය. ජානක පෙරේරා කොබ්බෑකඩුව වගේම දේශපාලනයට එන්න පෙරුම් පිරූ අයෙකි. ඔහු 2005 ජනාධිපතිවරණයට තෙවැනි අපේක්ෂකයෙකු ලෙස තරග කරන්නත් කැමැත්තෙන් සිටියේ ය. 2008 උතුරු මැද පළාත් සභා මැති මැතිවරණයට උතුරු මැද එජාප මහ ඇමති අපේක්ෂක වන්නයැයි යූඇන්පීය ආරාධනා කළ විට ඔහු එම ආරාධනාව සතුටින් භාරගත්තේය.

යූඇන්පිය හිත්වේ ඔහු උතුරු මැද අති විශිෂ්ට ලෙස ජයගනු ඇතැයි කියාය. හේතුව යුද්ධය උතුරුමැදට හොඳින් දැනී තිබිණි. අනෙක ජානක පෙරේරා උතුරුමැද මායිම් වන නැගෙන නැගෙනහිර පළාතේ වැඩ පෙන්නපු හමුදා නායකයෙකි. යාපනය දොරකඩට කොටි එන විට යාපනය කොටුවේ කොටුවී සිටිය හමුදාව බේරා ගත්තේද ජානක පෙරේරාය. මහින්දලා ඕනෑවටත් වඩා ජානක පෙරේරාට බය විය.

මහින්දලාගේ මහ ඇමති අපේක්ෂක වූයේ කලින් මහ ඇමැති පදවිය දරපු දූෂණ සහ භීෂණ චෝදනා එල්ල වූ බර්ටි ප්‍රේමලාල් ය. හැමෝටම පෙනුනේ ජයග්‍රහණය ජානක පෙරේරාගේ අතේ කියාය. ජානකගේ රැස්වීම්වල දස දහස් ගණනින් සෙනග පිරුණි. මහින්දලාගේ කකුල් වෙවුලන්න පටන් ගෙන තිබිණි. මහින්දලා ජානකගේ ආරක්ෂාව ඉවත් කළේ ජානකගේ කැම්පේන් එක කඩාකප්පල් කරන්නට ය. අනුරාධපුරයෙත්, පොලොන්නරුවෙත් තැනින් තැන මැර ක්‍රියා වර්ධනය විය.

යූඇන්පී පාක්ෂිකයන්ට, අපේක්ෂකයන්ට පහර පිට පහර වැදුණි. මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වන දිනයේ අනුරාධපුර යූඑන්පී සම්බන්ධීකරණ කමිටු සභාපති ජෝන්පුල්ලේගේ නිවෙස ගිනිබත් කළේ උතුරුමැද ම භීතියට පත් කරමිනි. මහින්දලා උතුරුමැද යකා නටන්නෙ ජානක පෙරේරාගේ ජයග්‍රහණය වලක්වන්න සක්‍රයාට වත් බැරි බව තේරුම් අරගෙන යැයි රටම ගණන් හැදුහ.

හැබැයි මැතිවරණ ප්‍රතිඵල එන විට යූඇන්පිය එකදු ආසනයක්වත් දිනාගන්න අසමත්විය. යූඇන්පිය ලබා ගත්තේ 40% ක පමණ ඡන්ද ප්‍රතිශතයකි. මහින්දලා 56%ක් ගැනීමට සමත් විය. උතුරුමැද හමා ගිය ජානක පෙරේරා රැල්ලට මොනවා වුණාදැයි යූඇන්පියට හිතාගත නොහැකි විය.

2010 ජනාධිපතිවරණයට මහින්ද පරද්දන්න පුළුවන් හොඳම අපේක්ෂකයා ජෙනරාල් සරත් ෆොන්සේකා යැයි සමහරු කියන විට ඇතැමෙක් ජානක පෙරේරාගේ පරාජය මතක් කරන්න අමතක නොකළහ. ඒත් ජානක මෙන් නොව 2010 වන විට ලංකාවේ ම වීරයා වූයේ යුද්ධය දිනපු ජෙනරාල් ෆොන්සේකා ය. ඔහු ජනාධිපති මහින්දටත් වඩා ජනප්‍රිය බව මහින්දම කරපු ජනමත විමසුම්වලින් හෙළිදරව් වී තිබිණි.

මහින්ද ෆොන්සේකාව හමුදාපති ධුරයෙන් ඉවත් කොට කෙනෙහිලිකම් කළේ ෆොන්සේකාගේ ජනප්‍රියත්වයට ඊර්ෂ්‍යාවෙන්ය. යුද ජයග්‍රහණයෙන් හතරගාතේ වැටී සිටි යූඇන්පී අලියාව ෆොන්සේකා නැගිට්ටේවුවේ එක් අතිනි. මහින්දගේ රැස්වීම්වලට සෙනග අඩු වෙද්දි ෆොන්සේකාගේ රැස්වීම්වලට ෆොන්සේකාව බලන්න සෙනඟ පොරකමින් ආහ.

මහින්දගේ ළඟම සගයෝ පවා මහින්ද අතහැර ෆොන්සේකාට ඔට්ටු අල්ලන්න පටන් ගත්තේය ය. බය වූ මහින්ද මහා භීෂණයක් රටපුරා ව්‍යාප්ත කළේය. ෆොන්සේකාගේ ආරක්ෂාව ඉවත් කෙරුණි. ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වරට හමුදාවේ නායකයන් යොදවා ෆොන්සේකාට මඩ පිට මඩ ගසනු ලැබීය. හැබැයි ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් මහින්ද හිතාගන්න බැරි ජයක් ලැබුවේය. මහින්දගේ ජයග්‍රහණයේ වැඩි ඡන්ද ගණන ගැන බොහෝ අය ප්‍රශ්න කළත් පොන්සේකා පරාජය වූ බව හැමෝටම පිළිගන්න සිදුවී තිබිණි.

රනිල් 2005 ජනාධිපති ජනාධිපතිවරණයේ ඡන්ද ටිකවත් ෆොන්සේකාට ගන්න බැරි විය.
ෆොන්සේකාට අත්වූයේ ජානක පෙරේරාට අත්වූ ඉරණමමය. ලංකාවේ මිනිස්සු තවමත් හමුදා නායකයන් තමන්ගේ දේශපාලන නායකයන් බවට පත්කරගන්න කැමති නැත. ඒකට හේතුව පකිස්ථානයේ සියා උල් හක්ගේ හමුදා රාජ්‍ය ගැන බංගලාදේශයේ ශාක්‍ය හමුදා රාජ්‍ය ගැන ලංකාවේ මිනිසුන්ට හොඳ මතකයක් තිබේ.

“ගෝඨා ජනාධිපතිවරණයට ආවොත් ගෝඨාටත් ජානකට,ෆොන්සේකාට වෙච්ච් දේම වෙයිද..?”

ඒක තවම කියන්න බැරිය. හැබැයි අද මහින්දවාදීන් ගෝඨා ගැන හිතන්නේ එදා යූඇන්පීකාරයන් ජානක ගැන ෆොන්සේකා ගැන හිතපු විදිහටම ය. එදා යූඇන්පීකාරයො ජානකට,ෆොන්සේකාට නියම බඩු කිව්වා වගේ අද මහින්දවාදීන් ගෝඨාභයට නියම බඩුව කියයි. හැබැයි පාක්ෂිකයන්ගේ ඡන්ද වලින් ජනාධිපති වෙන්න බැරිය. ජනාධිපති වෙන්න පාවෙන ඡන්ද සුළු ජාතික ඡන්ද ඕනෑය.

2015 මහින්ද ජනාධිපතිවරණයට තරඟ කරන්න පෙර දේශපාලන විශ්ලේෂකයන් අපූරු ගණන් සූත්‍රයක් හැදුවේ ය. ඒ සූත්‍රයට අනුව ජනාධිපතිවරණය සඳහා ලංකාවේ වලංගු ඡන්ද 100 යි කියා ගතහොත් එම වලංගු ඡන්ද 100 සිංහල බෞද්ධ 65ක් සහ සුළු ඡන්ද 35ක් සේ බෙදෙයි. මහින්දට එම සුළු ඡන්ද 35න් සුළුතරයක් ලැබෙන නිසා මහින්දට දිනන්න සිංහල බෞද්ධ ඡන්ද 65න් 60% කටත් වඩා වැඩි ගණනක් ගතයුතුව ඇතැයි ඔවුහු ගණන් හදලා පෙන්නුහ.

ඇත්තටම 2015 ජනාධිපතිවරණ ප්‍රතිඵලය දෙස බලන විට ඒ ගණන් ශාස්ත්‍රය හරි විය. මහින්දගේ සුළු ජාතික ඡන්ද ප්‍රමාණය අඩු වූ අතර මහින්දට සිංහල බෞද්ධ ඡන්ද හිතපු තරම් ලැබුණේ නැත.

ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා වුවහොත් 2015 මහින්ද ලබාගත් සුළු ජාතික ඡන්දවත් ඔහුට ලැබෙයි කියා හිතන්න බැරිය අලුත්ගම කෝලාහලය පිටුපස ඔහු සිටිනවා කියා ලොකු මතයක් මුස්ලිම්වරුන් අතර තිබේ අනෙක් යුද්ධය කාලයේදී යුද්ධයෙන් පසුවත් ගෝඨාභය ගේ හැසිරීම කොළඹ දමිළ ජනතාව සේම උතුරු නෑ නැගෙන නැගෙනහිර දමිළ ජනතාව අනුමත කරන්නේද නැත.

ඒ කියන්නේ ගෝඨාභයට දිනන්න සිංහල බෞද්ධ ඡන්දවලින් 70%-80% ගත යුතුය. මහින්දවාදින්ගේවත්,පොහොට්ටුවෙත් න්‍යායචාරවරයා ලෙස පෙනී සිටින උදය ගම්මන්පිලගේ ගණන් ශාස්ත්‍රයට අනුව 2018 පුංචි ඡන්දයේ දී පොහොට්ටුව ගත්තේ 40%කි. ඔහු කියන්නේ ජනාධිපතිවරණයකදී වුවද මේ ගණන වෙනස් විය නොහැකි බව ය. හේතුව ලෙස ඔහු කියන්නේ 2018 පුංචි ඡන්දයේදී ජනාධිපතිවරණයක දී ප්‍රකාශයට පත් වන තරම් ඡන්ද ප්‍රතිශතයක් ප්‍රකාශයට පත්වූ බවය.

ඔහු කියන්නේ පොහොට්ටුව වෙනත් නම්වලින් ලකුණුවලින් පළාත් පාලන ආයතනවලට තරඟ කොට ගත්ත ඡන්ද සංඛ්‍යාව එකතු කළත් මුළු ඡන්ද ප්‍රතිශතය 42%කට අඩුවෙනවා මිස වැඩි නොවන බවය.

උදය ගම්මන්පිල මේ 40% හෝ 42% කියා කියන්නේ තනිකර සිංහල බෞද්ධ ඡන්දය ඡන්දය.

“එතකොට ගෝඨා මේ සිංහල බෞද්ධ ඡන්ද 40% ජනාධිපතිවරණයකදී 70%කට වඩා වැඩිකර ගන්නේ කොහොමද..?”

ඒක ගෝඨාට තියා ශක්‍ර දෙයියන්ටවත් හඹාගෙන යන්න පුළුවන් ඉලක්කයක් නොවේ.අනෙක මහින්ද 2015 ජනාධිපතිවරණයට ගියේ ඉහත කි සූත්‍රයට අනුව ලංකාවේ වලංගු ඡන්ද 100යි කියා ගෙන, ඉන් 35ක් සුළු ජාතික ඡන්ද කියා ගතහොත් ඒ 35න් 11ක් පමණ ඡන්ද අතේ තියාගෙනය. ගෝඨාභයට 2005 ජනාධිපතිවරණයේට අනුව ලංකාවේ වලංගු ඡන්ද යැයි කියාගෙන පහක් සුළු ජාතික ඡන්ද ගතහොත් ඒ 35ක් පමණ ඡන්ද තියාගෙන ගෝඨාභයට ඒ 35න් 11ක් පමණ ඡන්ද අතේ තියාගෙනය. ගෝඨාභයට ඒ 35න් 5ක්වත් අතේ නැත.

අනෙක ගෝඨාභයගේ අතීත මැතිවරණ කෙරුවාව හොදට බලන්න පුළුවන් 2011 කොළඹ නගර සභා ඡන්දයෙන්ය. 2011 කොළඹ නගර සභා ඡන්දයට එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක ලැයිස්තුවක් දැම්මෙ නැත. සන්ධානය කොළඹ ස්වාධීන අපේක්ෂක ලැයිස්තුවකට සහාය දුන්නේ ගෝඨාභය වුවමනාව මතය.

මේ ස්වාධීන අපේක්ෂක ලැයිස්තුව දැම්මෙ ගෝඨාභයය. ඔහු කීවේ ඔහු කොළඹත් යූඑන්පීය පරද්දල පෙන්වන්නම් කියාය. ඔහුගේ ස්වාධීනව නගරාධිපති අපේක්ෂක වූ යේ මිලින්ද මොරගොඩ ය. කොළඹ වතු පීරමින් මුළු කැම්පේන් එකම කළේ ගෝඨාභයය. ඔහුගේ දේශපාලන ශක්තිය කොළඹය. ඔහු එය ලබා ගත්තේ කොළඹ ලස්සන කිරීමෙනි.

ස්වාධීන ලැයිස්තුව ජය ගතහොත් එය තම පෞද්ගලික ජයග්‍රහණයක් සේ පෙන්වන්න ගෝඨාභය සිතා සිටියේ ය. එහෙත් ඔහුගේ ලැයිස්තුව යූඑන්පීයේ නගරාධිපති අපේක්ෂක මුසම්මිල්ට පරාජය විය. එය අන්ත පරාජයක් විය. ඔහු කොළඹ ලස්සන කළාට 2015 ජනාධිපතිවරණයේත්, මහ මැතිවරණයේත් මහින්ද කොළඹින් පරාජයට පත් විය.

“සර් ලේකම්තුමා කොළඹ ලස්සන කරලත් ඡන්ද නෑනේ..”

පරාජයෙන් පස්සේ මහින්ද හමුවෙන්න ගිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලොක්කෙක් කිවේය.

“ඔව්, ගෝඨා කොළඹ මිනිසුන්ට ව්‍යායාම කරන්න පාරව්වල් හැදුවා. ඒවායේ ව්‍යායාම් කරන ගමන් මුන් අපේ ආණ්ඩුවට විරුද්ධව කටකතා පැතිරුවා..”

මේ මහින්ද දුන්න උත්තරයය. 2020 ජනාධිපතිවරණයට පසු මහින්ද ගෝඨාව අපේක්ෂකයා කරමු කියන අයට දෙන උත්තරයත් මෙයට වෙනස් නොවේ.

“අපරාධයක් අපි ගෝඨාව දාලා කරගත්තේ..?

2020 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල එන්නත් කලින් මහින්ද ඔහොම නොකීවොත් මෙන්න කැට.

“මව්රට”

-ගුරුදා විග්‍රහය-

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*