තායිලන්ත මහ මැතිවරණය ලබන මස 24 වැනිදා පැවැත්වීමට එරට රජය තීරණය කර ඇත.
මේ වන විට ඒ සඳහා දේශපාලන පක්ෂ ලියාපදිංචිය බැංකොක් නුවර ආරම්භ කර ඇත.
2014 වර්ෂයේදී ඇති වූ හමුදා කුමත‍්‍රණයෙන් පසුව පවත්වන ප්‍රථම මහ මැතිවරණය මෙය වන අතර එම පැවතිහමුදා රජය මඟින් ව්‍යවස්ථාව වෙනස් කළ හෙයින් දැනට පවතින සියලු පක්ෂ යළි ලියාපදිංචි කළ යුතු බවයි එරට මැතිවරණ බලධාරීන් පවසයි.
තවද බලයෙන් පහ කෙරුණු හිටපු අග්‍රාමාත්‍යය Thaksin Shinawatra ගේ පක්ෂයද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Lanka Newsweek © 2024