ට්‍රම්ප්ගේ දියණිය ලෝක බැංකු සභාපති ධුරයට..?

Spread the love

අමෙරිකානු ජනාධිපති  ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දියණිය ඉවන්කා මහත්මිය ට්‍රම්ප් ලෝක බැංකුවේ මීළඟ සභාපති ධූරය සඳහා ඉදිරිපත් වීමට සුදානම් බව ධවල මන්දිර ආරංචි මාර්ග සඳහන් කරයි.

ලෝක බැංකුවේ වත්මන් සභාපති වන  ජිම් යොන් කිම් මහතා සභාපති ධූරයෙන් ඉවත් වන බව පසුගිය සතියේ ප්‍රකාශ කිරීමත් සමග  මෙම තනතුර  සදහා  ඉවන්කා මහත්මියගේ නම යෝජනා කර ඇත.

මේ තනතුර සඳහා තනතුර සඳහා ට්‍රම්ප් මහතාගේ  බිරිඳ  වන මෙලනියා ට්‍රම්ප් තරග කරන බව මුලින් ප්‍රකාශ කලත් ඇය මේ සඳහා තරඟ නොවදින බව ප්‍රකාශ කර තිබේ.

පසුගිය දෙවසර තුළ ඉවන්කා ට්‍රම්ප් මහත්මිය ලෝක බැංකු නායකත්වය සමඟ ඉතා සමීපව කටයුතු කර ඇතත් ඇයට මේ තනතුර සඳහා අවශ්‍ය අත්දැකීම් නොමැතිවීම නිසා ඇය මෙම තනතුර සඳහා සුදුසුද යන්න පිළිබඳ ව මතභේද ඉදිරිපත් වී ඇත.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*