ජාතික තව්හිඩ් ජමාත් සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහීම් ෆි සෙයිලානි යන සංවිධාන තහනම් කෙරේ..!

Spread the love

ශ්‍රී ලංකාව තුළ තිබූ මුස්ලිම් අන්තවාදී සංවිධාන 2ක් වන ජාතික තව්හිඩ් ජමාත් සංවිධානය සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහීම් ෆි සෙයිලානි යන සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස 2019 අංක 01 දරන හදිසි අවස්ථා නියෝග යටතේ ඇති බලතල ප්‍රකාරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

තවද එම සංවිධානවලට අයත් නිශ්චල සහ චංචල දේපළ මෙන්ම ක්‍රියාකාරකම් අත්හිටුවීමට රජය පියවර ගනු ඇති.

ශ්‍රී ලංකාව තුළ පවත්නා සෙසු අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරකම් ද හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට පියවර ගන්නා බව ජනධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*