(සමීර වීරක්කොඩි)
ගුවන් යානයක් අනතුරට පත් වූ පසු එය සිදුවූ හැටි කියන්නට කෙනෙක් ඉතිරි වන්නේ නැත. එසේම යානයේ කිසිවක් තිබූ සැටියෙන්ම රැකෙන්නේද නැත. එහෙත් අනතුරට පත්වූ හැටි කියන්නට සමත් එක් උපාංගයක් තිබූ සැටියෙන්ම රැකේ. එය කළු පෙට්ටිය. (Black Box) යි. ගුවන් නියමුවන්ගේත්, ගුවන් යානයේත් බිහිසුණු අවසන් ගමනේ කතා සුරැකිව තබා ගන්නට සමත් “කළුපෙට්ටිය” තැනූ ඕස්ටේ්රලියානු විද්‍යාඥ ඬේවිඞ් වොරන් 2010 ජූලි 19 වැනිදා අවසන් ගමන් ගියේය. ඒ වයස අවුරුදු 85ක්ව සිටියදීය.
ගුවන් අනතුරක් යනු තවත් එක් අනතුරක්ය කියා අමතක කොට දමන්නක් නොවේ. තවත් ගුවන් අනතුරක් වෙන්නට තිබෙන ඉඩකඩ අසුරාලන්නට මේ අනතුරු ගැන දීර්ඝ වශයෙන් විමර්ශනය කෙරේ.
ලෝකයේ පළමු ජෙට් එයාර් ලයිනර් ගුවන් අනතුර 1953 දී සිදුවිණ. ඒ ගැන විමර්ශණය කළ කණ්ඩායමේ සිටි ඬේවිඞ් වොරන්ට මෙතැනදී තේරුම් ගියේ ගුවන් යානයක් අනතුරට ලක්වන වේලාවේ නියමු කුටියේ කතා-බහ දැනගත හැකි නම්, අභිරහසේ ගැඹුරු තැන් එළියට එන බවයි.
මේ ගැන සිතමින් සිටි වොරන්, 1956 දී කුඩා උපාංගයක් තැනීය. එවිට ඔහු ඕස්ටේ්රලියානු ගගනයානා පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෙකි. සිඞ්නි විශ්ව විද්‍යාලයෙන් එම විෂයයට ආචාර්ය උපාධිය ලද්දෙකි. සිය පුළුල් දැනුම එක තැනකට කැටි කොට ඔහු තැනූ මෙම උපකරණය තුළ කඩා වැටෙන ගුවන් යානයක බිසිසුණු අවසන් මොහොතේ තොරතුරු ඉබේම රැස්වේ. විද්‍යාත්මකව රැස්වේ. විද්‍යාත්මකව “ගුවන් යානා තොරතුරු රෙකෝඩරය” (FDR – flight data recorder/ CVR – cockpit voice recorder) යනුවෙන් හඳුන්වන මෙහි ජනකාන්ත නම ”කළු පෙට්ටිය” යි.
මෙය උපතින්ම තැඹිලි පැහැති කුඩා පෙට්ටියකි. කාල තුවක්කුවක දමා කොන්ක්‍රීට් බිත්තියකට වෙඩි තැබුවත් කිසි හානියක් වෙන්නේ නැති තරමට එය දැඩිය. සෙන්ටිගේ‍්‍රඞ් අංශක 1000ක උණුසුමින් ගිනි ගන්නා තැනක පැය භාගයක් තිබුණත් ක්‍රියාවිරහිත නොවේ. අඩි 20, 000ක් ගැඹුරු මුහුදේ මාස ගණනක් වුවත් තිබිය හැකිය. අනතුරට පත් වූ ගුවන් යානයක සුන්බුන් මැදින් මේ තැඹිලි පාට පෙට්ටිය සොයා ගන්නා විට එය කළු පැහැ ගැන්වී ය. දැන් එය කවුරුත් හඳුනා ගන්නේ “කළු පෙට්ටියක්” ලෙසය. කලින් නම් කළු පෙට්ටිය තුළ කටහඬ අනතුරුදායක අවස්ථාව වන විට ගුවන්යානය ගමන් කළ උස,වේගය ගමන් කළ දිශාව, රේඩියෝ සංවාද සහ නියමුවන්ගේ කතා රෙකෝඞ් වූයේ ටේප්වලය. දැන් විශේෂ පරිගණක උපාංග ඒ සඳහා යොදා ගනී.
සෑම කළු පෙට්ටියකම මුද්‍රිත වගන්තියක් තිබේ. ”ගුවන් ගමන් තොරතුරු විවෘත නොකරන්න” (Flight Recorder Do Not Open) යනු එයයි. ඬේවිඞ් වොරන්ගේ නිසල සිරුර තබා මිහිදන් කළ ශව මංජුසාවේ ඔහුට ගෞරව වශයෙන් වගන්තියක් ලියා තිබුණි. ” —Flight Recorder Inventor; Do not Open” යනු එයයි.
Lanka Newsweek © 2024