එජාප නියෝජ්‍ය නායකයා හොර රහසේ ජනපති හමුවෙයි..!

Spread the love

ක්‍රිෂාන්ත කුරේවත් කැටුව යයි..!           

හිටපු ආරක්ෂක ලේකම් එක්ක රහස් දුරකථන සංවාදයක් කරලා..!

ගෝඨාභය රාජපක්ෂගන්ආරක්ෂක උපදෙස් ගෙන ජනපතිට කියලා..!

සියලු කූට ගනුදෙනු අගමැතිට මාට්ටු..!

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා,”හිල්ටන්” හෝටලයේ සහ “ලේක්හවුස්” ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා සමග සිකුරාදා (03) රාත්‍රියේ හොර රහසේම ගොස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී සාකච්ඡා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත තොරතුරු වාර්තා වී තිබේ.

මොවුන් දෙදෙනා එදින රාත්‍රියේ ජනාධිපතිවරයා හමුවීමට ගොස් තිබෙන්නේ නිල් පැහැති “ALTO” වර්ගයේ කුඩා කාර් රථයකින් වන අතර එම වාහනය පදවා තිබෙන්නේ ක්‍රිෂාන්ත කුරේ මහතාය.

මේ අතර එදින වගේම මැයි මස පළමු වැනිදා සහ දෙවැනිදා ඇතුළු ගෙවුණු සතියේ දින ගණනාවකදීම සජිත් ප්‍රේමදාස මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දීර්ඝ දුරකථන සංවාද කිහිපයක්ම පැවැත් වූ බව “lankanewsweek” අපි සියයට සියයක් තහවුරු කර කියා සිටිමු.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා රටේ ජාතික ආරක්ෂාවට සහ ආරක්ෂක විෂයට අදාළව ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් උපදෙස් ලබා ගෙන ඇති අතර, මෙහිදී අත්අඩංගුවේ පසු වන ආරක්ෂක හමුදාවල සහ පොලීසියේ බුද්ධි අංශ නිලධාරීන් වහාම නිදහස් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ඔහු සජිත් ප්‍රේමදාස මහතාගේ විශේෂ අවදානය යොමු කරවා තිබේ.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා,ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පොරොන්දු වී තිබෙන්නේ මේ කාරණය සම්බන්ධයෙන් තමා පුද්ගලිකව මැදිහත් වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග කරුණු සාකච්ඡා කරන බවටය.

කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ සිද්ධිය සහ ගෝඨාභය රාජපක්ෂ මහතා සමග දුරකතනයෙන් සාකච්ඡා කරමින් ජාතික ආරක්ෂාවට අදාළ උපදෙස් ලබා ගත් සිද්ධිය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා මේ වන තුරුත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණ දැනුම්වත් කර නොමැත.

මේ අතර එක්සත් ජාතික පෙරමුණේ පසු පෙළ සහ මැද පෙළ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක්,සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් සහ මෙහෙයවීම මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට එරෙහිව හෙට අනිද්දාම එළිපිට සටන් කිරීමට සූදානමින් සිටිති.

මේ පිළිබඳ තොරතුරු ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පෙරමුණේ නායකයින් වෙත වාර්තා වී ඇති අතර එම මන්ත්‍රීවරුන් කවුරුන්ද යන්න පිළිබඳව ද හඳුනා ගෙන තිබේ.

මේ කණ්ඩායම එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන්,නිලධාරීන් සහ ප්‍රබල ක්‍රියාකාරීන් සමග මේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කරමින් සිය පිරිස් බලය වැඩි කර ගැනීමේ මෙහෙයුමක නිරත වී සිටින අතර මේ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛණය ළඟදීම හෙළිදරව් කිරීමට “lankanewsweek” සූදානමින් සිටියි.  

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*