ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් එක්ක හිටපු ජනපති කළ රහස් කතා එළියට..!

Spread the love

තවත් කුමන්ත්‍රණයක සළකුණු..!

ශිවශංකර් මෙනන්ගෙන් ගෝඨාභය රාජපක්ෂට සහතිකයක්..!

2005 ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ පරදන්න මිලින්ද මොරගොඩ හවුල් වුණාද..?

බැසිල් රාජපක්ෂට ඉන්දියාවට වඩා චීනය විශ්වාසයිලු..!

(සුජිත් මංගල ද සිල්වා)

ඉන්දීය හිටපු ජාතික ආරක්ෂක උපදේශක ශිවශංකර් මෙනන් සහ හිටපු ආරක්ෂක ලේකම් නිරූපමා මෙනන් රාවෝ යන මහත්ම මහත්මීන් සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර අතිශය විශේෂ හමුවක් කොළඹදී සිදුව තිබේ.

කොළඹ විජේරාමයේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී මේ හමුව සිදුව තිබෙන්නේ මාර්තු මස 19 වැනිදා සහ 28 වැනිදා යන දිනවලදීය.

ඉන්දීය හිටපු ජාතික ආරක්ෂක උපදේශක ශිවශංකර් මෙනන් මහතා,මහින්ද රාජපක්ෂ මහතා හමු වී තිබෙන්නේ මාර්තු මස 19 වැනිදා සවස වන අතර  ඉන්දීය හිටපු ආරක්ෂක ලේකම් නිරූපමා මෙනන් රාවෝ මහත්මිය ඔහු හමු වී තිබෙන්නේ 28 වැනිදා සවසය.

ජාතික සහ කලාපීය දේශපාලන තත්ත්වයන් ද,දේශපාලන උපාය උපක්‍රම සහ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ද මහින්ද රාජපක්ෂ මහතා සමග දීර්ඝ වශෙයෙන් කරුණු සාකච්ඡා කිරීමෙන් පසුව ශිවශංකර් මෙනන් සහ නිරූපමා මෙනන් රාවෝ යන මහත්ම මහත්මීන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ද හමුවී සාකච්ඡා කර තිබේ.

2005 ජනාධිපතිවරණ සමයේදී  රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කර මහින්ද රාජපක්ෂ මහතා කෙසේ හෝ දිනවීමට කටයුතු කරන ලෙස මන්නාරම අග රදගුරු රායප්පු ජෝශප් පියතුමා මාර්ගයෙන් එල්.ටී.ටී.ඊ සංවිධානයට පණිවිඩ ලබා දුන්නේ නිරූපමා මෙනන් රාවෝ මහත්මිය වන අතර එවකට ඇය ක්‍රියා කළේ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහා කොමසාරිස්වරිය ලෙසය.

මේ සිද්ධිය, “lankanewsweek” ජාත්‍යන්තර සම්බන්ධීකාරකවරයා සමග හෙළි කරමින් තහවුරු කර සිටියේ ඉන්දීය Viduthalai Chiruthaigal Katchi පක්ෂයේ සභාපති ආචාර්ය Thol. Thirumavalavan මහතාය.

“lankanewsweek” ජාත්‍යන්තර සම්බන්ධීකාරකවරයා සමග ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ මන්නාරම අග රදගුරුවරයා මාර්ගයෙන් එල්.ටී.ටී.ඊ සංවිධානයට එම පණිවිඩය යැවූ නිරූපමා රාවෝ මහත්මිය,මලින්ද මොරගොඩ මහතා මාර්ගයෙන් එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත පණිවිඩයක් යවමින් දැනුම් දී ඇත්තේ ජනාධිපතිවරණයේදී ඉන්දියාව සහය දෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාට නොව ඔහුට බවය.

මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද, ඉන්දීය හිටපු ජාතික ආරක්ෂක උපදේශක ශිවශංකර් මෙනන් සහ හිටපු ආරක්ෂක ලේකම් නිරූපමා මෙනන් රාවෝ යන මහත්ම මහත්මීන් ද,අතර මේ හමුව සංවිධානය කිරීමට මැදිහත් වී තිබෙන්නේ මිලින්ද මොරගොඩ මහතා සහ ඔහුගේ “Pathfinder” පදනම වේ.

මේ අනුව 2005 ජනාධිපතිවරණ සමයේදී නිරූපමා රාවෝ මහත්මිය රායප්පු ජෝශප් අග රදගුරු හිමිපාණන් මාර්ගයෙන් ලබා දුන් පණිවිඩයට අනුව රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කිරීම සඳහා එල්.ටී.ටී.ඊ සංවිධානය උතුරේ ජනතාවගේ ඡන්ද වර්ජනය කරවීමට තීරණය කර තිබූ බව මිලින්ද මොරගොඩ දැන සිටියා විය හැකි බව ද,ජනාධිපතිවරණයෙන් පසුව ඔහු මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වීමෙන් ඒ බව මානව හෙළි වන බව ද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

මේ අතර ශිවශංකර් මෙනන් මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා සමග කළ සාකච්ඡාවේදී සඳහන් කර තිබෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව තමා පුද්ගලිකව විශ්වාස කරන බවය.

ඊට ප්‍රතිපක්ෂව බැසිල් රාජපක්ෂ මහතා තමාට හිතවත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිරිසක් සමග කියා තිබෙන්නේ ඉන්දියාව වැඩිපුර විශ්වාස කළ නොහැකි අතර ඉන්දියාව විශ්වාස කර ගෙන ඒ අය එක්ක ඉදිරියට ගියොත් චීනය සහ එරට ආධාර උපකාර සිය කඳවුරට අහිමි වනු ඇති බවය.  

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*