ඇෆ්ගනිස්ථානයේ දේශපාලන නායකයන් එක් වූ රැලියකට ප‍්‍රහාර..!

Spread the love

(සමීර වීරක්කොඩි)

ඇෆ්ගනිස්ථානයේ මුල් පෙළේ දේශපාලන නායකයින් රැස් වූ ජන රැලියකට මෝටාර් වෙඩි ප‍්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

තව ද මෙම ගැටුමෙන් තිදෙනෙකු මිය ගිය අතර 22ක්  තුවාල ලබා ඇත.

මෙම රැළිය කාබුල් අගනුවර ඊයේ (7) දහවල් පවත්වා ඇති අතර මේ සඳහා  ඇෆ්ගන් රජයේ ප‍්‍රධාන පෙළේ විධායක Abdullah Abdullah සහ හිටපු ජනාධිපති Hamid Karzai ඇතුළු දේශපාලන ප‍්‍රධානීන් රැසක් සහභාගී ඇත. පළමු ප‍්‍රහාරය එල්ල වූයේ රැළියේ බාහිර ස්ථානයකටයි. ඒ අවස්ථාවේ දී සංවිධායකයින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ සන්සුන්ව සිටින ලෙසයි. එහෙත් දෙවැනි මෝටාර් උණ්ඩය රැස්ව සිටි ජනතාව අතරට පතිත වුණා.

තුවාල ලැබූවන් අතර ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙක්ද සිටින බව වාර්තා වේ. විදේශ අමාත්‍යය Salahuddin Rabbani ද රැළියට එක්ව සිටියා. ඔහුගේ ආරක්‍ෂක භටයින් අට දෙනෙකු තුවාල ලැබූ බවයි වාර්තා වන්නේ. සැකකරු අත්අඩංගුවට ගත් බව අෆ්ගන් පොලීසිය ප‍්‍රකාශ කරනවා.

එහෙත් කිසිදු පාර්ශ්වයක් මේ දක්වා ප‍්‍රහාරයේ වගකීම භාරගෙන නැහැ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*