අරලිය මැදුර කොල්ල කෑ “පැන්ෂන් විකී” හෙවත් “වඳුරා” පන්නා දමයි..!

Spread the love


බලහත්කාරයෙන් අරලිය මැදුරට වැදී රාජ්‍ය දේපොළ අව භාවිතය කරයි..!

අගමැති සුපුරුදු පරිදි අහක බලා ගනී..!

අගමැති ලේකම්කමෙන් පැන්නුවත් “පැන්ෂන් විකී” ට රස්සාව නොදෙන බව සමන් ඒකනායක අගමැතිගේ මුහුණටම කියයි..!

(සුජිත් මංගල ද සිල්වා)

අරලිය ගහ මන්දිරයේ සැලසුම් අධ්‍යක්ෂකවරයා ලෙස කොන්ත්‍රාත් පදනම මත සේවය කරන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතාගේ කොන්ත්‍රාත් කාලය අවසන් වී තෙමසක් ඉක්ම ගොස් ඇතත් ඔහු අරලිය ගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වී සිය කාර්යාලයේ රැදී සිටිමින් එම තනතුරට අදාළ වරප්‍රසාද සහ පහසුකම් බුක්ති විඳින අතර අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයට ද, නියෝග ලබා දෙමින් රාජ්‍ය දේපොළ අවභාවිතය කරන බව වාර්තා වේ.

මොහු සිය රාජකාරි වෙනුවෙන් පාවිච්චි කළ “FORD” වර්ගයේ සුදු පැහැති “JEEP” රථය,කොල පැහැති කාර් රථය,රියදුරන් දෙදෙනා සහ සිය කාර්යාලය මෙතෙක් අග්‍රාමාත්‍ය කාර්යාලයට භාර දී නොමැත.

සිය තනතුරට අදාළව කොන්ත්‍රාත් කාලය දිගු කරන්නැයි හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතා,අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇතත් ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

අනතුරව හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතා, ඒ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැමිණිලි කර ඇති අතර, ඒ අනුව සමන් ඒකනායක මහතා කැඳවා ඇති අගමැතිවරයාඅදාළ සේවා දිගුව ලබා දෙන ලෙසට ඔහුට නියෝග කර ඇත.

එහිදී සමන් ඒකනායක මහතා,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මුහුණටම කියා ඇත්තේ අග්‍රාමාත්‍ය ලේකම් ධූරයෙන් තමා පහ කළත් හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතාගේ සේවා දිගුවට තමා අත්සන් නොකරන බවය.

ඊට හේතුව හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේ සැලසුම් අධ්‍යක්ෂකවරයා ලෙස සිය බලතල,වගකීම් සහ රාජකාරි සීමාව ඉක්මවා සියල්ලට ඇඟිලි ගසමින් විනය සහ නීති විරෝධී ලෙස ක්‍රියා කිරීම වගේම ඔහුට එල්ල වී තිබෙන දුෂණ,වංචා සහ අක්‍රමිකතා පිළිබඳ චෝදනා බව ද සමන් ඒකනායක අගමැතිවරයා හමුවේ පෙන්වා දී ඇත.

එසේ තිබියදී අරලිය ගහ මන්දිරයට ඇතුළු වී එහි සැලසුම් අධ්‍යක්ෂකවරයා ලෙස එම තනතුරට අයත් යාන වාහන,කාර්යාල,සේවක සේවිකාවන් ඇතුළු පහසුකම්,වරදාන සහ වරප්‍රසාද බුක්ති විඳිමින් රාජ්‍ය දේපොළ අව භාවිතය කිරීමට හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතාට අනුබල දීම මගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද බරපතළ වරදක් කර ඇති බව එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් “lankanewsweek” සමග පැවසීය.

“පැන්ෂන් විකී” හෙවත් “වඳුරා” යන අන්වර්ථ නාමයෙන් එක්සත් ජාතික පාක්ෂිකයින් හඳුන් වන හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතා යනු අරලිය ගහ මන්දිරයේ තිබූ ඉතා වටිනා ගෘහ භාණ්ඩ තොගයක් ද සිය බලය අයුතු ලෙස පාවිච්චි කරමින් සොරා ගෙන ගිය පුද්ගලයෙකි.

“අරලිය මැදුරේ බඩු උස්සද්දී “පැන්ෂන් විකී” මාට්ටු…” යන ශීර්ෂය යටතේ “lankanewsweek” මේ සිද්ධිය හෙළිදරව් කළේ 2018.05.22 වැනිදාය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිරූපය කාලයක් මුළුල්ලේ විනාශ කරමින් සිටින පුද්ගලයින් අතරින් හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතාට ප්‍රධාන ස්ථානයක් හිමි වන අතර අග්‍රාමාත්‍යවරයාට මිනිස්සු අතරට යන්න ඉඩ නොදෙන්නේ සහ මිනිස්සුන්ට අගමැතිවරයා සමීපයට පැමිණීමට ඉඩ නොදෙන්නේ ද මේ හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතාය.

මරා ගෙන මැරෙන ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයෙන් මීගමුව,කටුවපිටිය පල්ලියට සිදු වූ විනාශය නිරීක්ෂණය කිරීම සඳහා 2019.04.21 වැනිදා සවස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී,බෝම්බ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා අන්ත අසරණව මීගමුව මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කතෝලික බැතිමතුන්ගේ සුවදුක් සහ අවශ්‍යතා පිළිබඳ සොයා බැලීම සඳහා රෝහලට යමු යැයි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සහ දිවුලපිටිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි මංචනායක මහතා යෝජනා කළ විට,තුවාලකරුවන් අතරට අගමැතිවරයා රැගෙන යා නොහැකි යැයි කියමින් එම ස්ථානයෙන් අගමැතිවරයා බලහත්කාරයෙන් වගේ ඇද ගෙන ආවේ ද මේ හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතාය.

බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා අන්ත අසරණව සිටින කතෝලික බැතිමතුන්ගේ සුව දුක් විමසීම සඳහා රෝහලට නොගොස්,එම ජනයා නොසලකා හැර රනිල් වික්‍රමසිංහ මහතා එසේ කොළඹ බලා පිටත්ව යාම සම්බන්ධයෙන් කතෝලික පූජක ප්‍රසාදීන් වහන්සේලා ආචාර්ය හර්ෂ ද සිල්වා අමාත්‍යවරයා සහ කිත්සිරි මංචනායක පළාත් සභා මන්ත්‍රීවරයා සමග දැඩි පිළිකුල සහ අප්‍රසාදය පළ කර තිබේ.  

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*